ප‍්‍රධාන පුවත්

ඉරාකයේ දකුනුදිග නගරයක් වූ බස්‍රා නුවර පැවැති ෂීට් මුස්ලිම්වරුන් දේශපාලන ප්‍රතිසංස්කරන කරන ලෙසඉල්ලා කරනු ලැබූ උද්ඝෝශනයක් වාර්තා කිරීමට ගොස් සිටි “රප්ට්ලි වීඩියෝ පුවත් ඒජන්සියේ ( Ruptly video news agency)” අනියම් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඉරාක ජාතික කැමරාකරුවෙකු වූ සාෆා ගහාලි(Saffa Ghali )මහතා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය බව වාර්තාවේ.

ගහාලි සමඟ සිටි දේශීය වාර්තාකරුවෙකු වූ අහමඩ් අබ්දෙල් සමාඩ් මහතාද ප්‍රහාරයෙන් මියගොස් තිබේ. පසුගිය සිකුරාදා ඔවුන් දෙදෙනා උද්ඝෝශනය වාර්තා කිරීමෙන් පසු මෝටර් රථයකින් ස්ථානයෙන් පිටවී යාමට සූදානම් වන අවස්තාවේදී ඝාතකයාගේ ඉලක්කයට ලක්වී ඇති බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

සාෆා ගහාලි නිදහස් පුවත්පත් කලාවේදියෙකු ලෙස මේ දක්වා ඉරාකයේ සිදුවූ සිද්ධීන් 30ක් පමණ වීඩියෝ වාර්තා ලෙස RT News සහ Ruptly video news agency වෙත සපයා දී තිබුනි. ඉරාකයේ සත්‍ය තත්වය ලෝකයට ඉදිරිපත් කිරීමට ගහාලි ගත් වෙහෙස සුලුපටු නොවන බව සහෝදර ඉරාක මාධ්‍යවේදීහු පවසති. අහමඩ් අබ්දෙල් විදෙස් මාධ්‍ය වාර්තාකරුවෙකු නොවුනද ඉරාකයේ ජනතාවට නිවැරදි පුවත් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහෝ සේ වෙහෙසුනු මාධ්‍යවේදියෙකු බව පැවසේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More