යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී.විග්නේශ්වරන් පවසයි.
ජාත්‍යන්තර දෙමළ ජාතීන්ගේ සංවිධානයේ 6 වන සැමරුම් වැඩසටහනේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී හෙතෙම මේ බව පැවසුවේය.
ඔහු එහිදී පැවසුවේ ජාත්‍යන්තරයේ සියලු රටවල් එක්ව යුද සමයේ මෙරට සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් පවත්වා යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කර දිය යුතු බවයි.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ පාලනයක් ස්ථාපිතව ඇති අතර, ඒ තුළින් සුළුතර ජාතීන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීම අසීරු විය හැකි බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. එවන් වටපිටාවක සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන්ද ජාත්‍යන්තරය මැදිහත්විය යුතු බවද හෙතෙම පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...