යුක්‍රේනයට අයත් ගුවන් යානයක් මගීන් 176 දෙනෙකු සමඟ විනාශ වීමට අත් වැරදීමකින් සිදුවූ ඉරාන මිසයිල් ප්‍රහාරය හේතු වූ බව ඉරාන රජය පිළිගැනීමෙන් පසු ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඉරාන රජයට එරෙහිව උද්ඝෝෂන පවත්වන්නට පටන් ගෙන ඇත. විරෝධතා ඉරානයේ බොහෝ නගර ආශ්‍රිතව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්යානය මිසයිල් ප්‍රහාරයකට බඳුන්වීම නිසා හටගත් විරෝධතාවයන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොමඳ පැසසුමට ලක්ව ඇති බවද විදෙස් ප්‍රවෘත්ති වාර්තා පවසයි. ඉරානයේ මේ දක්වා කිසිදු විරෝධතාකරුවෙකු ඉරාන ආරක්ෂක අංශ ප්‍රහාරවලට ලක්ව මියගොස් නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ තත්වය එසේ වුවද ට්වීටර් පණිවිඩයක් නිකුත්කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ” ඉරානයේ නායකයන් වෙත- ඔබගේ රටේ විරෝධතා කරුවන් මරා දමන්න එපා.ඔබලා විසින් දහස් ගනන් ඉරාන වැසියන් මරා දමා හෝ සිරගත කර තිබෙනවා. ඔබලාගේ ක්‍රියාකාරකම් දෙස ලෝක ජනයා බලා සිටිනවා.වඩා වැදගත් දේ නම්, ඔබලාගේ හැසිරීම දෙස ඉතාම උනන්දුවෙන් අමෙරිකාව බලා සිටිනවා. ඉරාන අන්තර්ජාලය විවෘත කරන්න.වාර්තාකරුවන්ට නිදහසේ සැරිසැරීමට ඉඩසලසා දෙන්න.ඔබගේ විරෝධාර ඉරාන ජනයා ඝාතනය කිරීමෙන් වලකින්න.
” ලෙස පවසා සිටී. මෙවැනි ප්‍රකාශ නිකුත් කරන අමෙරිකානු නිළධාරීන් අතර මහා බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපති වූඩි ජොන්සන්,පෙන්ටගනයේ ප්‍රධානී මාක් එස්පර්,අමෙරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ද වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජෝන් බෝල්ටන් තම ට්වීටර් පණිවිඩයේ ” කමෙයිනිගේ රෙජීමය මෙතරම් පීඩනයකට ලක්වූ කාලයක් ඇත්තේ නැහැ. රෙජීම වෙනසක් ඉතා ආසන්නයි.අමෙරිකාව,යුරෝපා සංගමය හෝ ප්‍රංශය උද්ගතවී තත්වයට අඩ තැබීමට කටයුතු නොකළ යුතුයි.නීත්‍යානුකූල නොවන ඉරාන පාලනය සමඟ සාකච්ඡා නොකළ යුතුයි” යනුවෙන් සඳහන් කරයි.
කෙසේ වුවද දේශපාලන විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අවසාන කාලයේදී චිලියේ සහ බොලිවියාවේ වීදි ආශ්‍රිතව ඇතිවූ වීදි සටන් මෙන්ම දරුනු සටන් ඉරානයේ සිදුවී නොමැතිබවත් චිලියේ සහ බොලිවියාවේ ගැටුම සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකළ අමෙරිකාව ඉරානයේ “රෙජීම් චෙන්ජ්” පිළිබඳව අපේක්ෂා දල්වා බලාසිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...