දේශීය පුවත්

කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු, යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැමුන් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස්ථාවාදී දේශපාලකයන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කළ බවය.

කටමැත දොඩවන ඇතැමුන් රාජ්‍ය බලය, දේශපාලන බලය, තම අමාත්‍ය බලය පෙන්වමින් ජනතාව රවටා, ඔවුන්ගේ ඡන්දය පැහැර ගැනීමට උත්සාහ කළත් පසුගිය මැතිවරණයෙන් කඳුකරයේ පළාත් පාලන ආයතන 12කින් 11කම බලය ලබාගැනීමට තමා සමත් වූ බවත්, ජනතාව සිටින්නේ කා සමගද යන්න ඉන් හෙළිවන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් වතුකරයේ දමිළ ජනතාවට දැනෙන සේවයක් ඉටුකළේ මහින්ද රාජපක්ෂ බවත්, මෙම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ සහායද ලබාගනිමින් එම සේවය තව තවත් ප්‍රවර්ධනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More