සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අළුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.
ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ, මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් අද අලුයම 2.45 ට පමණ එම යානය ගොඩ බස්වා ඇති බවයි.
යානයේ සිටි අදාළ මගීන්ට ප්‍රථිකාර ලබා දීම සදහා ගුවන් යානය එලෙස ගොඩ බස්වා තිබේ.
කෙසේ වෙතත් යානය ගොඩ බස්වා එම මගීන් දෙදෙනා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදීත් ඔවුන් මිය ගොස් සිට ඇති බව වාර්තා වන්නේ.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මිය ගොස් ඇති ඉන්දුනිසියානු ජාතික 71 හැවිරිදි කාන්තාවගේ සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ මළ සිරුරු මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි.
පරීක්ෂණ වලින් අනතුරුව අදාළ සිරුරු මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිත අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් විදේශීය ජාතිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට මාරුකර යැවූ බවද මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අද දෙරණට සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...