දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුදය ලබන බ්‍රහස්පතින්දා වන විට විසඳා ගත හැකි වුවද මෙම ආණ්ඩුවේ වියත් මඟ හා මහින්ද පාර්ශ්වය අතර පැන නැඟී ඇති අර්බුදය ඉදිරි මහා මැතිවරණයත් සමඟ උග්‍ර තත්ත්වයකට පත්වන පෙර මං සලකුණු මේ වනවිටත් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසි.

ඉදිරි මහ මැතිවරණයේදී අට සමතුන් පාර්ලිමේන්තුවට නොඑවන ලෙස වරාය අධිකාරියේ සභාපති වියත් මගෙන් පැමිණි දයා රත්නායක මහතා ඉල්ලීම කරන්නේ කුමක් අරඹයා ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් යැයි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.

වියත් මඟ හරහා විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට මේ වනවිට පිඹුරුපත් සකස් කර ඇතැයි පෙන්වා දුන් මුජිබර් රහුමාන් මහතා, ඊට සාපේක්ෂව පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලනිපයේ දැනට සිටින මැති ඇමැතිවරුන් රැසකට ගෙදර යෑමට සිදුවනු ඇති බවත් අළුයට ගිනි පුපුරු එළියට එන්නේ එවිට බවත් කියා සිටියේය.

පවුලේ ඥාති සංග්‍රහය නවත්වන බවට පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුව නාමල්ගේ මාමණ්ඩියටත්, රෝහිතගේ නැන්දණියටත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පත්වීම් දීලා. මේ විදිහට ඩේසි ආච්චිවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට පත් කළොත් පුදුම වෙන්න දෙයක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More