දේශීය පුවත්

මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි.

තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බව ඇය පවසයි.

පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර ඇති නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරයි.

පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය තැබූ එම ෆේස්බුක් සටහන සහ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

සිය පවුලේ සාමාජිකයින්ට අපහාස වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විඩියෝවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ බිරිඳ සිය දියණියගේ ෆේස්බුක් පිටුව හරහා විඩියෝවක් පළ කර තිබේ.

මම අසිනි රණවක. පාඨලී චම්පික රණවකගේත්, රේණුකා ප්‍රනාන්දුගේත් බාල දියණිය.අපේ අම්මා කියන මේ කතාවට කරුණාකර සවන් දෙන්නැයි කාරුණික, වැදගත් මිනිසුන්ගෙන් ඉල්ලමි. මේ රටේ ක්‍රියාත්මක වන පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් අපේ අම්මා තරම් අපහාස විඳින ලද වෙනත් ගැහැනියක් ඇතැයි මම නොසිතමි. එසේම මේ දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකිය. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් අපව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇත. අපට පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබේ. ඒ නොමිනිසුන්ගෙන් අහන්නට ඇත්තේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි. ඇත්ත ලොවට කියන්න යැයි අම්මාට කිවූ හැමවිටම ඇය කීවේ, ඔවුන් ඔය කියන කතා කවුද විශ්වාස කරන්නේ කියාය. තාත්තා කීවේ මඩවලට උත්තර දෙන්න ගියහොත් ඉවරයක් නැති බවත් හොඳම දේ අපේ දේවල් අපේ පාඩුවේ කරගෙන යාම බවත්ය. නමුත්, ඒ මඩ වැඩිදෙනෙකු පිළිගන්නා ඇත්ත බවට දැන් පත් වී ඇත. එපමණක් නොව ඒවා මත අධිකරණය කටයුතු පවා ආරම්භවන තැනටම තත්ත්වය දුරදිග ගොස් තිබේ. ඇත්ත කතාව ලොවට කිව යුතු යැයි අම්මාත් අපත් තීරණය කළේ ඒ අනුවය. කරුණාකර අපේ අම්මාගේ කතාව අසන්න. (මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)ස්තූතියි. අසිනි රණවක

Gepostet von Asini Ranawaka am Montag, 13. Januar 2020

‘‘මම අසිනි රණවක. පාඨලී චම්පික රණවකගේත්, රේණුකා ප්‍රනාන්දුගේත් බාල දියණිය.

අපේ අම්මා කියන මේ කතාවට කරුණාකර සවන් දෙන්නැයි කාරුණික, වැදගත් මිනිසුන්ගෙන් ඉල්ලමි.

මේ රටේ ක්‍රියාත්මක වන පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් අපේ අම්මා තරම් අපහාස විඳින ලද වෙනත් ගැහැනියක් ඇතැයි මම නොසිතමි. එසේම මේ දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකිය. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් අපව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇත. අපට පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබේ. ඒ නොමිනිසුන්ගෙන් අහන්නට ඇත්තේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි.
ඇත්ත ලොවට කියන්න යැයි අම්මාට කිවූ හැමවිටම ඇය කීවේ, ඔවුන් ඔය කියන කතා කවුද විශ්වාස කරන්නේ කියාය. තාත්තා කීවේ මඩවලට උත්තර දෙන්න ගියහොත් ඉවරයක් නැති බවත් හොඳම දේ අපේ දේවල් අපේ පාඩුවේ කරගෙන යාම බවත්ය.

නමුත්, ඒ මඩ වැඩිදෙනෙකු පිළිගන්නා ඇත්ත බවට දැන් පත් වී ඇත. එපමණක් නොව ඒවා මත අධිකරණය කටයුතු පවා ආරම්භවන තැනටම තත්ත්වය දුරදිග ගොස් තිබේ. ඇත්ත කතාව ලොවට කිව යුතු යැයි අම්මාත් අපත් තීරණය කළේ ඒ අනුවය.

කරුණාකර අපේ අම්මාගේ කතාව අසන්න.‘‘

(මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More