දේශීය පුවත්

බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පවසයි.

බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පවසයි.

බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ පේරවැල්ල මලපොල වෙලමැදගම යන ප්‍රදේශවල ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 දෙනෙකු පමණ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව සදහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය.

වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළත් තමන්ට හෝ තම ප්‍රදේශයට කිසිදු යහපතක් අත් නොවුනු බව ඔවුන් සදහන් කළහ.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ එක්සත් ජාතික පාක්ෂිකයින් රජයට සහාය පළ කළේ කිසිදු ලාභයක් අපේක්ෂාවකින් නොවන බවයි.

ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන් සාදරයෙන් පිළිගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයින් යනු අපේම ගම්වල ජීවත් වන මිත්‍රයින් වන බැවින් ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීම පහසු කටයුත්තක් බව ද සදහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නගන සංධානය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More