දේශීය පුවත්

“අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට පක්‍ෂ නායක සහ පක්‍ෂ නියෝජිත රැුස්වීමේදී ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත.

ඒ අනුව පක්‍ෂ විපක්‍ෂ නියෝජිතයන්ට අදාළ නාමයෝජනා අනිද්දා (16 වැනිදා) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබාදෙන ලෙස කථානායකවරයා විසින් දැනුම් දී තිබේ.ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට ද නියමිතය.

එසේම මේ මස 21 හා 22 යන දිනවලදී පස්වරු 1 සිට 6.30 දක්වා ද, 23 හා 24 යන දිනවලදී උදේ 10.30 සිට පස්වරු 6.30 දක්වා ද පාර්ලිමේන්තුව රැුස්වීමට මෙහිදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 වගන්තියට අනුව සෑම සභා වාරයක් ආරම්භයේදීම තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර, එමගින් අනිකුත් කාරක සභාවල සේවය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාළ අනෙකුත් කටයුතු තීරණය කිරීම ද සිදුවේ.

මෙම තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්‍ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභා වාරය ආරම්භයේදී නම් කළ යුතු සාමාජික මන්ත‍්‍රීවරුන් 12 දෙනකුගෙන් සමන්විතව පත් කරනු ලබයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වරුන් වන අජිත් පී. පෙරේරා, ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන මහත්වරු ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More