නේටෝ සංවිධානයේ මැදිහත්වීමෙන් 2011 වර්ෂයේදී විනාශයට ලක් කළ ලිබියාවේ වර්තමානයේ ඇතිවී තිබෙන අවි ගැටුම් නවතා දැමීමට රුසියාව මැදිහත්වී අවි ගැටුම්වලට මැදිහත්වී තිබෙන පාර්ශව සාකච්ඡා මේසයට කැඳවීමට හැකිවීම මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීමට තබනු ලැබූ යෝද පියවරක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබන ෆායිස් අල් සාජ් මහතා නායකත්වය දෙන ජාතික සම්මුති ආන්ඩුව ( Government of National Accord -GNA) සහ කලීෆා හෆ්තාර් මහතා නායකත්වය දෙන ලිබියානු ජාතික හමුදාව ( Libyan National Army -LNA ) අතර මුහුණට මුහුණ සාකච්ඡා පැය 6ක් තිස්සේ රුසියාවේ සහ තුර්කියේ මැදිහත්වීමෙන් පැවතුනු බව විදෙස් මාධ්‍යවාර්තා සඳහන් කරයි. කෙසේ වුවද රුසියාව සහ තුර්කිය යෝජනා කළ සාම සාකච්ඡා හෆ්තාර් විසින් විවේචනය කළ අතර ඔහු සාකච්ඡාවට එළඹීම සැක සහිත තත්වයක් උද්ගතව තිබුනි. ඊයේ(13) හවස් වන විට ලිබියාවේ ගැටුමට මැදිව සිටින දෙපාර්ශයම “කොන්දේසි විරහිත සීමාරහිත යුද විරාමයකට” එකඟවූ අතර ගිවිසුමට අත්සන් කිරීම ජාතික සම්මුති ආන්ඩුවේ( Government of National Accord -GNA) නියෝජිතයන් විසින් පමණක් සිදු කරනු ලැබීය. මේ අතර ලිබියානු ජාතික හමුදාවේ නායක හෆ්තාර් පවසා සිටියේ ගිවිසුම සම්බන්ධයෙන් තම නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තීරණයක් දීමට අඟහරුවාදා දක්වා කාලය අවශ්‍යය බවයි.
ලිබියාවේ ගැටුම් අවසන් කිරීමේ දැඩි වුවමනාවකින් පෙලෙන ජර්මන් චාන්සලර්වරියගේ නියෝජිතයා පවසා සිටියේ මේ මස අවසන් වීමට පෙර ගැටුම් සමනය කිරීමේ උවමනාවෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා බර්ලින් නුවරදී පැවැත්වීමට හැකි උපරිම සහයෝගය ජර්මනියේ පාර්ශවය ලබා දෙන බවයි.රුසියාව සහ තුර්කිය මැදිහත්ව ලිබියාවේ සාමය ඇතිකිරීමට ගන්නා උත්සාහය ඉතා ප්‍රශංසනීය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...