දේශීය පුවත්

චීන විදේශ ඇමති දිවයිනට

January 14, 2020 8:49 am | Lanka Lead News

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (13දා) රාත්‍රී දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ශ්‍රී ලංකාවට ළඟාවී ඇති අතර, වත්මන් ජනාධිපතිවරයා සහ නව රජය පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රය හා ආරක්ෂාව ආදී ඉහළ මට්ටමේ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක ඔහු නිරත වනු ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ මැදපෙරදිග ආදී ජාත්‍යන්තර කරුණුද මෙම සාකච්ඡාවට අඩංගු වනු ඇති බවද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More