දේශීය පුවත්

ලංකාවෙ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුවන්නේ, ඉඩම් ආරවුල් හේතුවෙන් බව අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනාවරණය කරගෙන ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටින 1,500ක් පමණ පිරිසක් සමග සාකච්ඡා කර ලබාගත් තොරතුරු අනුව මෙම කරුණු අනාවරණය කරගත් බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම ලංකාවේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු විසඳීමට දීර්ඝ කාලයක් ගතවන බවත්, අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් සම්බන්ධයෙන් එම තත්ත්වය එතරම් නුසුදුසු බවත් අමරසිංහ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More