දේශීය පුවත්

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කොවිලේ අද (15 වැනිදා) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් සූදානම් කර ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව මෙම තෛපොංගල් සැමරුම වෙනුවෙන් පැමිණීමට නියමිතය.

විහාරස්ථාන සීමාවේ ටකරන් මඩුවක් සකස් කොට තෛපොංගල් සැමරුම පැවැත්වීමට සූදානම් කොට තිබේ.

පසුගිය වසරේ තෛපොංගල් සැමරුම් වැඩසටහන පැවැත්වීමත් සමග විහාරස්ථානයේ හිමිකම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය.

විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් එහිදී බලපෑම් කළ අතර, විහාරස්ථානයේ අයිතිය හා කෝවිලේ අයිතිය සම්බන්ධ‍යන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් ද ගොනු කරනු ලැබිණි.

අදාළ නඩු විභාගයේ ප්‍රතිඵලයක් ලෙස මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ පැවැති කෝවිල මුලතිව් නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ලෙස නම් කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය මැයි මාසයේදී තීන්දුවක් ලබාදෙනු ලැබීය.

ප්‍රදේශවාසීන් පැවැසුවේ විහාරස්ථානය සම්බන්ධයෙන් පවතින අධිකරණ නියෝග නොතකා මෙවරද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් පවත්වන බවයි.

මේ වන විට පොලිස් නිලධාරීන් පිරිසක් විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති බව පැවැසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More