ඊයේ (25) සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වුවද එය තාවකාලිකව සිදුවූවක් බව සඳහන් වෙයි.
අග්‍රාමාත්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කර සිටියේ එම අමාත්‍යංහය බාරව සටි සාගල රත්නායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමග ඊට සුදුස්සෙකු පත්කරන තෙක් අදාළ විෂය අග්‍රාමාත්‍යවරයා යටතට පත්කර ඇති බවයි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ කාර්යභාරයන් හා ක්‍රියාත්මක වීම පසුගිය කාලයේ විවිධ මතභේදයන්ට ලක්ව තිබූ අතර එම අමාත්‍යංශය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතට පත්විය යුතු බවටද බොහෝ දෙනෙකු අදහස් පළකර තිබුණි. කෙසේ වුවද මෙම අමාත්‍යංශය තම පාර්ශවයේ අමාත්‍යවරයෙකු යටතේම පවත්වා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන බවත් එසේම එය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපපතිවරයාද උත්සාහයක නිරත වූ බවත් ආන්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...