පුරවැසි කොලම

ලලීන්ද්‍ර සන්නස්‌ගම

ලංකාවේ තිබෙන්නේ වෙල්ලාල ප්‍රශ්නය මිස ජාතික ප්‍රශ්නයක්‌ නොවන බව කීම සැබෑව නමුත් දේශපාලනයේ දී මේ අදහස කතා නොකරයි. වෙල්ලා පවුල් කීපයක්‌ මනා ලෙස සකස්‌කර ඔවුන් ලවා සිංහල ජාතිය මෙල්ල කරවා ගැනීම ඉංග්‍රීසීන්ගේ උපාය වූ බව පෙනෙයි. පාරම්පරික සිංහලයන්ට පෙර නොවූ වරදාන දෙමින් නඩත්තු කළ වෙල්ලාල පවුල් කීපයක්‌ රට අඳුරේ හෙලා ඇති අයුරු මේ කොටසින් පැහැදිලි කෙරේ. නිජබිමේ පදිංචිකරුවන්ගේ මුල් ඉතිහාසය කුමක්‌ද යන්න මෙම වෙල්ලාල පවුල් කීපයේ ඉතිහාසයෙන් මනා ලෙස පැහැදිලි වෙයි.

ටික්‌කම මහින්ද කුමාරගේ ‘පෘතුගීසීන්ගෙන් ඕලන්දයට හුවමාරු වූ ද්‍රවිඩ මලබාර් වහල් වෙළඳාම’ රචනාවෙන් (දිවයින පුවත්පත) වෙල්ලාල වංශවතුන්ගේ සෑබෑ පිටපත කියවෙයි. ඕලන්දවරු 10,000 ක්‌ ද්‍රවිඩයන් වහලුන් සේ යාපනයට ගෙනවිත් ඇති බව ටික්‌කම මහින්ද අවධාරණය කර ඇත.

දෙවන රාජසිංහ රජුගේ උදව් ඇතිව තුඩුගල මද්දුරාළ කළ කැරැල්ල පැරදී සිංහලයන් යාපනයෙන් පසු බා ඇත. සිංහලයන්ට එරෙහිව මලබාර් ද්‍රවිඩයන්ට ගෙන්වා ශක්‌තිමත් කිරීම ඕලන්ද යුගයේ පටන්ගෙන ඉංග්‍රීසින් පරිසමාප්තියට ගෙන ආවේය. A Genology of the residents of manipay කෘතියේ 1780 දී යාපනයට ගෙන්වා පදිංචි කළ ඉන්දියානු දෙමළ පවුල් 70 ක පරම්පරා 5 ක ඉතිහාසය ලියවී ඇති බව ටික්‌කම මහින්ද පැහැදිලි කර ඇත.

ලංකාවේ වතු වගාව කිරීමට කුලී කම්කරුවන් ලෙස වැඩ කිරීමට භූමි පුත්‍රයන් වන සිංහලයන් කැමති නොවීය. ඔවුහු රාජකාරි ක්‍රමයට හිමිකම් කියූ ස්‌වකීය ඉඩම් වලම සාඩම්බර ගොවීන්ය. මේ නිසා අර්ධ වහල් සේවයක්‌ හා සමාන දෙමළ කම්කරුවන් ලංකාවට ගෙන්වා පදිංචි කරවීමට යුරෝපීයන් ට සිදුවිය. ඒ අනුව, 17 වන සහ 18 වන සියවස්‌වල දී දුම්කොළ වගාව සඳහා ගෙන එන ලද දකුණු ඉන්දීය කම්කරුවන් අතරින් වෙල්ලාලවරු බලවත් පිරිසක්‌ බවට පත්වෙමින් සිටියහ.

මෙලෙස ලන්දේසීන් ගෙන්වන ලද වෙල්ලාල පවුලකින් පැවැත ආ ‘කුමාර්ස්‌වාමි ආරුමුගපිල්ලේ’ නමැත්තෙක්‌ ලංදේසීන්ගේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළේය. ඔහුගේ පුත් අරුමුගපිල්ලේ කුමාස්‌වාමි (1783-1836) පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටිමින් ඉංග්‍රීසීන්ට ද භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ බව කියවේ. උඩරට රජු අල්ලාගැනීමේ ද්‍රෝහීන්ට සහාය දීම නිසා අරුමුගපිල්ලේ කුමාස්‌වාමිට ‘වාසල මුදලි'(Gate Mudaliyar) යන නම්බු නාමය ලබා තම පීඩිත කම්කරු සමාජයෙන් රදළ සමාජයට නැග ගත හැකි විය. 1833 කෝල්බෲක්‌ කැමරන් ආණ්‌ඩු ක්‍රමය අනුව නියෝජින මංත්‍රී ධුර තුනක්‌ ඇති කළේ සිංහල, දෙමළ සහ බර්ගර්වරු සඳහා ය. අරුමුගපිල්ලේ කුමාස්‌වාමිට එහි දෙමළ නියෝජිත ධුරය හිමිවීම වෙල්ලාල කම්කරුවන් රටේ අයිතිකරුවන් ලෙස පුහුණු කිරීමේ මුල් පියවර විය. සිංහලයන්ට මෙන්ම අනෙක්‌ සියලු ජාතීන්ට කෙනෙහිලිකම් කරමින් ඉංග්‍රීසීන්ට වහල්කම් කරන සුළුතර දෙමළ කුලයක්‌ ශක්‌තිමත් කිරීම දිගටම කරගෙන ගිය ඉංග්‍රීසීන් අරුමුගපිල්ලේ කුමාස්‌වාමිගේ පුතා මුතු කුමාරස්‌වාමි තව තවත් ඉහළට ඔසවා තැබීය. ඔහු Colombo Academy (පසුව, රාජකීය විද්‍යාලය) ඇතුළත් කර ඉංග්‍රීසී ක්‍රමය පුහුණු කරවා බාල වියේදීම රටේ ඉහළම නම්බු නාම සහ තනතුරු කීපයකින්ම සංග්‍රහ කළේය. 1861 වන විට වයස 28 ක ව සිටි මුතු කුමාරස්‌වාමි ව්‍යවස්‌ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා විය. 1874 දී මුතු කුමාස්‌වාමිට නයිට්‌ පදවිය හිමි විය (සුභසිංහ, 2014). සිංහලයන්ගේ නිජබිමට හතුරන් මැවීමේ කුමන්ත්‍රණය කෙරේ කොතෙක්‌ උනන්දු වී ද යත් මේ තනතුර ලද පළමු ආසියාතියා වයස අවුරුදු 50 ක්‌ ව සිටි මුතු කුමාරස්‌වාමිය. මුතු විවාහපත් වූයේ ‘එළිසබෙත් බිබි’ නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව සමඟය (සුභසිංහ, 2014). ඔවුන් දෙපළගේ පුත් ආනන්ද කුමාරස්‌වාමී දේශපාලනය නොකළ ද ඊටත් වඩා සංස්‌කෘතිය පාලනය කරන ලදී. දියණිය සෙල්ලච්චි කුමාරස්‌වාමි ය.

ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමී රාජකීය ආසියාතික සංගමයේ පර්යේෂකයකු සිටිමින් ලංකාවේ සංස්‌කෘතිය අධ්‍යනය කරන ලදී. ‘මධ්‍යකාලීන සිංහල කලා’ කෘතිය ඔහු ලියන ලදී. ඔහු කරන ලද කාර්ය වන්නේ සිංහල කලාවට හිංදු මූලයක්‌ හෝ දෙමළ සම්භවයක්‌ ලබා දී එහි කලා ඉතිහාසය විකෘති කිරීමට අවශ්‍ය ප්‍රචාරණය දියත් කිරීමයි. ආනන්ද කුමාරස්‌වාමිට අනුව ඉසුරුමුණි පෙම් යුවල ‘ශිව-පාර්වතී’ය. ඉන් නතර නො වී ලංකාවේ කලා කෘති සියල්ල ගුප්ත, අමරාවතී, පල්ලව යන කලා සම්ප්‍රදායන්වල ආභාෂය ඇතිව කළ බවට ආරංචි පතුරවන ලදී. සීගිරි චිත්‍ර අජන්තා සිතුවම්වල කොපියක්‌ බවට සාහසික මතයක්‌ වැපිරීය. පුදුමය වන්නේ මේ විෂම මතවාද අද පවා පාසල් පොත්වල ඉගැන්වීමයි. සෙල්ලච්චි කුමාරස්‌වාමි විවාහපත් වූයේ වාසල මුදලි පොන්නම්බලම් (1814-1887) සමග ය. මේ දෙදෙනාගේ වැඩිමහල් පුතා පොන්නම්බලම් කුමාරස්‌වාමි ය. ඔහු ඇතුළු සර් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, සහ මුදලිදු පොන්නම්බලම් පත්මනාහ යන සිව් දෙනාම පොන්නම්බලම් සහ කුමාරස්‌වාමි පවුල් දෙකේ සංයෝජනයේ අග්‍රඵලය විය. ඔවුන් ඊනියා වෙල්ලාල බලය ඉහළටම ඔසවා තැබූහ.

පොන්නම්බලම් කුමාරස්‌වාමි 1892-1898 ව්‍යවස්‌ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා විය. සර් පොන්නම්බලම් රාමනාදන් මුතු කුමාරස්‌වාමිගේ ඇවෑමෙන් ව්‍යවස්‌ථාදායක සභාවේ දෙමළ නියෝජිතයකු ලෙස පත් විය. 1910 දී මැකලම් ප්‍රතිසංස්‌කරණය අනුව ව්‍යවස්‌දායකට ඡන්දයෙන් පත්වූ රාමනාදන්ට සිංහලයන්ගේද සහාය හිමි වූයේ කරාව කුලයේ සිංහලයකු පැරදවීමට ය. සිවිල් සේවකයෙකු වූ ද කලක්‌ සොලිස්‌ටර් ජෙනරාල් වූ ද පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ‘ලංකා ජාතික සංගමය’ (Ceylon National Congress) පිහිටු වීය. ජාතිය සහ භූමිය පිළිබඳ කරුණුවල දී සමසමව ජාතික පදනමට වදාරන ඉල්ලා කරදර කළ වෙල්ලාල කල්ලිය යාපනයේ දී මෙන් තනි ආධිපත්‍යක්‌ සමස්‌ත ලංකාවේදී අහිමි වී කෝපයට පත් විය. ජාතික සංගමයෙන් ඉවත්වී 1921 දී ‘දෙමළ මහසභාව’ පිහිටුවී ය. එය දෙමළ බෙදුම්වාදයේ පළමු කඩයිම විය. පොන්නම්බලම් අරුණාචලම්ගේ පුත් අරුණාචලම් මහාදේව දේශපාලනයට පිවිස 1942-1946 ස්‌වදේශ කටයුතු භාර ඇමැති ධුරය ද හෙබවී ය. සෙනට්‌ සභාවේ කටයුතු කළ සංකරපිල්ලේ පරරාජසිංහම් ද පොන්නම්බලම් අරුණාචලම්ගේ දියණියක හා විවාහ වී සිටියේ ය. වර්තමාන මහ ඇමැති විග්නේශ්වරම් අරුණාචලම් පවුලේ අයෙකි (සුභසිංහ, 2014). ඔහුගේ මුණුපුරා දේවමනොහරන් ස්‌විනාදන් වර්තමාන දෙමළ සංධානයේ මංත්‍රීවරයෙකි. සර් පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක හා විවාහපත් සුබයියා නඩේසපිල්ලේ ‘සිංහල භාෂා පනතට’ එරෙහිව ඊට සහාය දුන් එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත් විය.

1824 සංගනනයට අනුව ඒ වන විට මලබාර් දෙමළ ජනගහනය 4.5% කි. නමුත් එකල සොලිස්‌ටර් ජෙනරාල් වූ පොන්නම්බලම් අරුණාචලම් විසින් සකස්‌ කළ 1881 සංගණන වාර්තාවේ මලබාර් දෙමළ ජනතාව එකවරම ‘ලංකා දෙමළ’ නැමැති අමුතුම ජාතියක්‌ බවට පත් කර ඇති බව කියවේ (සුභසිංහ, 2014). ඊළාම් නිජබිම මේ තරම් ලැඡ්ජා සහගතව කරළියට ගෙන තිබියදී අද පවා සිංහල දේශපාලකයන් ඒ ගැන කතා නො කරති. දෙමළ ජනතාව 1824 වන විට පවා මලබාර් නාමය යටතේ වාසය කළ ජනගහනයෙන් 4.5% කි. 1881 තරම් මෑතකදී මලබාර් සංක්‍රමණිකයන් ‘ලංකා දෙමළ’ නම් වර්ගීකරණයට යටත් කර ඇත. සංකිලි රජුගේ සිට ප්‍රභාකරන් දක්‌වා දෙමළ බලවතුන් සිංහල ජනතාව කෲර ලෙස කපා කොටා උතුරු-නැගෙනහිරින් එළවා වාර්ගික ශෝධනය සම්පූර්ණ කර ඇත. මේ වන විට පවා දෙමළ ජාතික සංධානය යාපනයේ සිංහලයන් පදිංචි කිරීමට එරෙහිව විරෝධතා දක්‌වති. මේ අයුරින් සිංහලයන්ට මාතෘභූමියේ පදිංචිවීමේ අයිතිය පවා නැතිකර අවසන්ය. ඉන් නො නැවති පැරණි හාම්පුතුන්ට ගතු කියමින් ලෝකය පුරා සිංහල ජනතාව වෛරයට ලක්‌ කරති. මේ වාර්ගික ඉතිහාසය සෑම සිංහලයකුටම ද්‍රවිඩයකුටම පාසල් මගින් ඉගැන්විය යුතුය. මාධ්‍යකරුවන්ට විශේෂ වැඩමුළු පවත්වා දැනුවත් කළ යුතුය.

මේ අනුව නිජබිම සඳහා දෙමළ ජනතාව යාන්තම් තමන් රටේ පුරවැසියන් බව හෝ ලේඛනගතව සිටින්නේ අරුණාචලම් විසින් සකස්‌ කළ 1881 සංගණන වාර්තාවෙන් පසුව සිට ය. 1668 වන විට ඕලන්දවරු දෙමළ කම්කරුවන් යාපනයට හා විවිධ ප්‍රදේශවලට ගෙන්වන ලද බව පැවසෙයි. මේ වන විට එහි පාරම්පරික පදිංචිකාර සිංහලයන් මේ අන්දමින් දෙමළ වහල් ජනතාව ගෙන්වීම ගැන විරෝධය පා කැරැල්ලක්‌ ආරම්භ කර ඇති බව ටික්‌කම් මහින්ද පවසයි (දිවයින). 1678 දී තුඩුගල මද්දුරාළ නමැති ප්‍රධානියකු වන්නි ප්‍රධානීන් ඒකරාශී කරගෙන දෙවන රාජසිංහ රජුගේ සහාය ඇතිව කළ බිහිසුණු කැරැල්ලෙන් පරාජයට පත්වී ඇත. එම සිදුවීම යාපනයෙන් සිංහලයන් ඉවත් වීමට තීරණාත්මක ලෙස බල පා ඇත. ලන්දේසීන් ද මෙම වහල් සේවය දිගටම ලබාගත් බව පැවසේ. එනම් මලබාර් දේශයෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා පදිංචිකර දුම්කොළ වැවීමට යෙද වීය.

ඕලන්ද ජාතික පිලිප් බැල්දියස්‌ගේ වාර්තා අනුව, (A True and Exact Description of the Island of Ceylon) 1682 පෙර යාපනයේ මලබාර් දෙමළ ජනතාවට යාපනයේ දීර්ඝ ඉතිහාසයක්‌ නැති බව කියවේ. ඒ වන විට යාපනයේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා නියෝජනය වූයේ සිංහල පාර්ශවයෙන් ය. සිංහලය නිදේශික කම්කරුවන් පිරවීමෙන් ඇති කළ පීඩනය හේතුවෙන් රට මැදට සංක්‍රමණ වන්නට විය. 1828 වන විට 150 ක්‌ පමණ වූ උඩරට දෙමළ කම්කරු පිරිස 1920 වන විට ලක්‌ෂ ගණනක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබුණි. යාපනයේ ඒ විලාසිතාව ඇති වූයේ පෘතුගීසි කාලයේ සිට නිසා ඉංග්‍රීසින් එන විට යාපනයේ දෙමළ කම්කරුවන් සෑහෙන පමණක සිවිල් බලයක්‌ ඇතිව සිටියහ.

1807 මාර්තු 27 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද පනතකින් දකුණු ඉන්දීය කම්කරුවන් ලංකාවට ගෙන්වීමට අවශ්‍ය පසුබිම සකස්‌ විය. ඒ අනුව ගල්ඔය නිම්නයේ පදිංචි කරවූ වෙල්ලාල පවුලකින් පැවත ආ රාජවරෝතියන් නමැති ඉන්දියානුවා ගබඩා පාලකයෙකි. මේ වන විට ඔහුගේ පුත් ආර්. සම්බන්ධන් දෙමළ ජනතාවගේ නිජබිම ගැන කරන අරගලය කුමක්‌ද?

කේරළයේ කෝලම් ගම්මානයට නුදුරු පුන්තාලතස්‌තම් ග්‍රාමයේ කරෙයියර් කුලයේ තිරුමිනියාර් පවුලට අයත් අයියම් පිල්ලායි 1776 දී උපත ලද අයෙකි. හේ ප්‍රභාකරන්ගේ පවුලේ ආදිතමයාය. ඔහු ඕලන්ද සමයේ භාණ්‌ඩ ප්‍රවාහන නැව්වල කම්කරුවෙකි. ඔහුගේ පුත් වේලායුධම් බ්‍රිතාන්‍ය සමයේ දී ධනවත් වෙළෙන්දෙක්‌ බවට පත් විය. ඔහු පුත් වෙන්කට සාලම් ද වෙළෙන්දෙකි. හේ වැල්වැටිතුරේ ඉඩම් මිලට ගෙන ඇත. හේ කේරළයේ සිටිය දී 1920 දී උපත ලද තම එකම පුතා සමග පැමිණ වැල්වැටිතුරේයි පදිංචි විය. ඔහුගේ මුණුබුරා වූයේ කුප්‍රකට ත්‍රස්‌තවාදියා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. මේ නිසා නිජබිමක්‌ ඉල්ලු ප්‍රභාකරන්ගේ පියා පවා කේරළයේ උපත ලද අය වෙයි. ඒ පරම්පරාවෙන් ලංකාවේ දී උපත ලද පළමුවැනි පිරිමි දරුවා වූ ප්‍රභාකරන් ‘ඊළාම්’ නමැති රාජ්‍යයක්‌ ඉල්ලා මහත් විනාශයක්‌ කරන ලදී.

මේ නිසා ඊළමේ පීතෲවරුන්ට ලංකා භූමියේ ඇත්තේ පෘතුගිසීන්ට හා සමාන ඉතිහාසයක්‌ බව කීම සැබෑවකි. නමුත් මේ අතීතය සහමුලින්ම අමතක කර වෙල්ලාල සුළුතරය රටේ ශිෂ්ටාචාරය බිහිකළ ජනතාව මහත් හිංසනයට ලක්‌ කර ඇති බව පෙනයි. මේ තත්වයට එම පිරිස බලවත් කළේ ඉංගී්‍රසීන්ය. ඒ බෙදා වෙන් කිරීමේ පාලන ප්‍රතිපත්තිය අනුව සුළුතරය ලවා බහුතරය පාලනය කරවීමේ දුෂ්ට උපක්‍රමය යයි. මේ සියල්ල සැලකිල්ලට ගත් විට රටේ තිබෙන්නේ වෙල්ලාල ප්‍රශ්නයක්‌ මිස ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නොවන බව පෙනෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More