දේශීය පුවත්

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

අද(15) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය.

2017 වර්ෂයේ දී ගනු ලැබු අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම ආයතනය පිහිටුවා ඇත.

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය භාණ්ඩාගාර ලේකම් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සහිත 20 දෙනෙකුගෙන් සමන් විත මුදල් අමාත්‍යාංශයේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවකි.

රජය විසින් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා කාර්යයන් ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බැවින් මෙම ඒකකය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ආයතනය වසා දැමීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More