විමල් මහමැතිවරණයෙන් පස්සෙ ලංකාවෙ ආන්ඩුවට හොඳ ම අගමැති.. මහින්දට කෙළම වුණු වෙලේ හිටියෙ විමල්. මහින්ද වටේ හිටපු බොහෝ දෙනෙක් මහින්දව අමතක කරල යද්දි තමන් එක්ක එකට ජීවත් වුණු මිනිහ මහින්දව දාල නොගියෙ විමල්..
දැන් වීරයො කොච්චර හිටියත් ඒ දුෂ්කර ම තප්පරේ ෆයිට් එක අත් නොහැරියෙ විමල්.
ඒ විමල්ගෙ ෆයිට් කරණ ජීව ගුණය නිසා..
මතක තියා ගන්න මිනිහෙක්ට කෙළම වුනාට පස්සෙ මිනිහෙක්ව අත් හරින්නෙ නැත්නම් ඒ මිනිහ හොඳ මිනිහෙක්..
ඒ වගේම වාමාංශික සහෝදරවරු කලිං හිටපු විමල් නෙවියි දැන් ඉන්නෙ.. එයා වෙනස් මිනිහෙක්.. ඒ නිසා විමල් කියල දැක්ක ගමන් ගහන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසන්න..
බලං ඉන්න ටිකක්..
අනිත් විශේෂ ම කාරණාව ජවිපෙ සහෝදරවරු, වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එන්න එපා..
විමල් පක්ෂයෙන් යවන්න එවකට ජවිපෙ සී සී එක ගහපු ගේම් කැමතිනම් කියන්න පුලුවන්.
සහෝදරය ඔයා වරදක් කලා.. ඔයා අපේ පක්ෂයෙන් යන්න.. ඒක තමයි මිනිහෙක්ට පක්ෂයකින් යන්න කියන හොඳම විදහ.
ඔයාගේ දේශපාලන අදහස අපේ පක්ෂය දේශපාලන අදහසත් එක්ක විරුද්ධයි. ඒ නිසා තවත් අපිට එකට යන්න බැහැ. එහෙම තමයි මිණිහෙක්ට පක්ෂය කින් යන්න කියන්න ඕනි.. මටත් එහෙම පුද්ගලික අත්දැකීම් තියෙනවා. අපි ඒකට ගරු කරනවා.
ඒත් විමල්ට කලේ එහෙම නෙවියි.. විමල්ව මාස නවයක් චන්දෙට පාවිච්චි කරල ද්‍රෝහියෙක් කරල එළියට දාන්න හැදුවෙ.
ඒත් විමල් ෆයිට කෙනෙක්. ඒ ගේමට විමල් යට වුනේ නැහැ.. එයා එළියට බැස්ස..
ඉන්පසු විමල්ගෙ ජාතිකවාදී දේශපාලනයට අපි කොහෙත් එකඟ නැහැ.ඒත් ලෝකය වෙනස් වෙනව.. අපි විශ්වාස කරන සත්‍යය ඒක.
විමල් කියන්නෙ උපාලි ගම්ලත් වගේ ජාතික ගැටළුව ගැන අතිශය එයාට විරුද්ධ අදහස් තිබ්බ මිනිස්සුන්ව දරා ගත්තු මිනිහෙක්..
විමල් කියන්නෙ ජවිපෙ පරණයි කියල මුලින්ම දැක්ක මිනිහ…
විමල් කියන්නෙ වෙනස් මත දරාගත්ත නිහතමාණී මිනිහෙක්..
විමල් කියන්නෙ ඒකාධිපතියෙක් නෙවියි.
විමල් කියන්නෙ කමිටු ඇතුලෙ අනිකට සවංදීපු මිනිහෙක්..
විමල් හොඳ සවං දෙන්නෙක්.
විමල් සමස්ථ මැයි දිනයක වැඩ කොලේම මතකයෙන් කියන්න පුළුවන් මිනිහෙක්..
විශාල මැයි දිනයක වේදිකාවක් විනාඩි ගණනක් ඇතුලත කොලයකට ගන්න පුළුවන් මිනිහෙක්..
ඒ වගේම තමං විශ්වාස කරපු දේශපාලන මතය ජයග්‍රහණය කරවන්න පක්ෂ කමිටු ඇතුලෙ අවංකව අඩපු මිනිහෙක්..
විමල් සත්‍යවාදී මිනිහෙක්..
ඒ නිසා මේක වෙනස් කරණවනම් ගෝඨාභය ළඟින්ම ඉන්න ඕනි විමල් වගේ මිනිහෙක්..
ඒ නිසා ලංකාවෙ ඊලග අගමැති වෙන්න නිර්මාණශීලීම හොඳම කෙනා විමල්..
අනේ ගෝඨාභය යි විමල් ලයි කරන වෙනස කියල පළමු තප්පරේ හිතන අය, ඒක තීරණය කරන්න කලිං පොඩ්ඩක් වෙලාව දෙන්න.
ඉතිහාසය අපේ මේ මොහොත ගැන හරිද වැරදිද කියල තීරණය කරයි. ඒ නිසා පරණ සිතුවිලි වලින් නිගමන දෙන්න කලබල වෙන්න එපා.
ආපහු කිව්වොත් වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා.. මෙහෙත් තියෙනව ගල්..
හේතුව විමල් ඕනිම තප්පරේක, ඕනිම දුශ්කර මොහොතක ෆයිට් කරන්න දන්න ෆයිට කෙනෙක්..
මේ ලෝකයට ෆයිටර්ස්ල ඕනි යුගයක්..
ලෝකයට ආදරය කරන මිනිස්සු ඕනි යුගයක්…
විමල් එහෙම මිනිහෙක්…
ඒ නිසා ඊලග ආන්ඩුව ට මුළු සමාජයක් ඉල්ලා සිටින්න ඕනි අගමැති විමල්….
මේ විමල්ගෙ පක්ෂයෙ නොවන, හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොවන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට පක්ෂපාතී නොවන ජන සමාජයක් වෙත කෙරෙන ඉල්ලීමක්.
මතක තියා ගන්න. ලංකාවේ බිහිවෙන ඊළඟ අලුත් ආණ්ඩුවේ මිනිස්සු ජීවත් වෙන විදිය වෙනස් කරන උත්සාහයක, මිනිස්සු ලෝකයට ආදරය කරවන්න පුහුණු කරන උත්සාහයක අගමැති විමල්.
මුළු මහත් සමාජයක් ඉල්ලා සිටිය යුතු අගමැති විමල්..
උපුටා ගැනීමකි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
යූ ටර්න් ගහල එම්සීසී අත්සන් කරන එකත් සාධාරණීය කරන්නේ මේකයි එහෙනම්.
ඇලිස් වෙල්ස් ලංකාවට ඇවිල්ල තියෙන්නේ එම්සීසී එක ගැන කතා කරන්න කියල පැහැදිලියි. ඉන්දියානු පත්තරයක් හෙළි කරන කම් යූටර්න් ආණ්ඩුව ඒ ගමන ගැන කිව්වේ නැහැ. විමලුත් සහයෝගය දෙන එම්සීසී කමිටුව දාල තියෙන්නේ ජනතාවට කොලේ වහල එම්සීසී සහ සොෆ ගිවිසුම් draft කරන්න.
පහුගිය කාලේ රට ජාතිය වෙනුවෙන් කැහගහපු ගිහි පැවිදි හොර දේශප්‍රේමින් ඔක්කොම අද කට වහන ඉන්නවා අවස්ථාවාදය වෙනුවෙන්.
රනිල් කරපු, බාගෙට කරපු සහ කරන්න බැරිවුණු සියලු පාවාදීම් යූ ටර්න් ජනාධිපති කරනවා.
චන්දයක් ඉස්සරහත් මේ තරම් බය නැතුව ගිහි පැවිදි දේශප්‍රේමී වෙස් මුහුණ ගලවල දැම්මේ ඇයි? ඊළඟ චන්දෙ දිනන්නේත් හොරට නිසා.
ජනාධිපතිවරණෙ චන්ද ප්‍රමාණය අතිශයෝක්තියක්. මම හොඳටම දන්නවා චන්ද වැටුනේ සියයට 60කටත් අඩුවෙන්. සියයට 80ක් මිනිස්සු චන්දෙ දුන්නේ නැහැ. චන්ද මධ්‍යස්ථාන වල කිසි ප්‍රබෝධයක් තිබුනේ නැහැ. මිනිස්සු හිටියේ විචිකිච්චාවෙන්. අවුරුදු 5ක් සටන් කරලා යහපාලනය ගෙදර යවන දවසේ ලංකාවම සැණකෙළි සිරි ගන්න එපාය. නමුත් එහෙම වුනේ නැහැ. අඩුගානේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේවත් කිසි ප්‍රබෝධයක් තිබ්බේ නනැහැ. හේතුව චන්ද ප්‍රතිඵල වලට වෙන්න මොකක්ද කියල දැනගෙන හිටපු නිසා. ඒ ගැන සිංහල පත්තරේකට මාසෙකට විතර ඉසර ලිව්වා. නම් ගම් තිබ්බ නිසා වෙන්න ඕනේ ඒක දාල තිබුනේ නැහැ.
හිටපු හමුදාපතිගේ චන්ද ප්‍රමාණය දැක්ක ගමන් මම දැන ගත්ත චන්ද ප්‍රතිඵල වෙනස් කරලා කියල.
නමුත් ඔප්පු කරන්න විදහක් නැතුව ඉන්න කොට තමයි චන්ද කොම්පැනියේම සාමාජිකයෙක් කිව්වේ චන්ද ගණන් කරන වැඩේ කලේ පෞද්ගලික ආයතනයක් කියලා. පොහොට්ටුවේ නරියට කුකුල්ලු බාර දීල. දැන් ඒක අහු වෙච්ච නිසා ඊළඟ චන්දෙ ICTA එකට දෙනවා. හැබැයි එතනට දාල තියෙන්නෙත් මේ චන්දෙ ප්‍රතිඵල වෙනස් කරල හදපු කොම්පැනියේ මිනිහෙක් සහ ආසියාවේ දූෂිතම චන්ද කොම්පැනියේ සභාපතිගේ සහෝදරයෙක් කියල දැන් එලි වෙලා තියෙනව. යූටර්න් ජනාධිපතිට සහ පොහොට්ටුවේ නිර්මාතෘට රට පාවා දෙන්න සහයෝගය දෙන යූටර්න් දේශපාලකයන්ට ඊළඟ චන්දෙදි වට්ටලා තියෙන කෘත්‍රිම මනාප දැකල කාටවත් පුදුම වෙන්න අවසර නැහැ.