කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ‘ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak)’ මහතා අතර විශේෂ හමුවක් අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයන්ට අදාළ නිෂ්පාදන මාලදිවයිනේ අලෙවි කිරීමට සහ මාලදිවයිනේ වෙළද ප්‍රදර්ශනවලදී ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දීමට මාලදිවයින් තානාපතිවරයා එකගතාව පළ කරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි ‘ඛඩිජා නජීහා (Khadeeja Najeeha) මහත්මිය ද එක්ව සිටියාය.
මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ‘ලී හිඔන් (Lee Heon)’ මහතා අතර විශේෂ හමුවක් අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර සබඳතා තරකර ගැනීම පිළිබද සාකච්ජා සිදු විය. කොරියානු ආයෝජකයන් මෙරටට ගෙන්වීම සහ තාක්ෂණ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සාකච්ජාවේදී විශේෂ අවධානය යොමුවිය.
කොරියන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ‘කිම් මිකිඔන්ග් (Kim Mikyeong)’මෙනවිය සහ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ‘සන්හ්ගුන් ලී (Sunghun Lee) මහතා ද මෙම සාකච්ජාව සඳහා එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...