දේශීය පුවත්

හිටපු අමාත්‍ය රංජන් රාමානායක මහතාගේ වැරදි ක්‍රියාකලාපයන් සඳහා අනුබල දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කළුතර පැවති ජනහමුවකදීයී.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“මේක රන්ජන් රාමනායකගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේ තමයි යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාලනයේ තිබුණු ස්වභාවය.

යහපාලනය කියාගෙන ඇවිල්ලා මේ කළේ මේ රට පාදඩකරණයට ලක් කරපු එක, මේ රටේ අධිකරණය හෑල්ලු කරපු එක.

මේ අවුරුදු හතර හමාරට මේ කුණු කරපු කුණු කිරිල්ල තමයි නොවැම්බර් 16 මේ රටේ ජනයා කබොල්ල කැඩුවට පස්සේ එළියට එන්නේ.

මේක සජිත්ට දීලා තව අවුරුදු 5ක් ගියානම් කොහොමද? එහෙනම් මේ රට ඕජසය වෙනකල් කවුරුත් දන්නේ නෑ.

රන්ජන් රාමනායකට ඔය බලය දුන්නේ රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂය.

ඒ නිසා රන්ජන්ට අත් වෙන්න ඕනේ ඉරණම ඉතිහාසය තීරණය කරයි.

තාම මේ දඬුවම් ලැබීම ආරම්භ වුණා විතරයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More