ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(16) ගනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට(16) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නායකත්ව මණ්ඩලය පිහිටුවිම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර අනුමැතිය විමසීමට නියමිතව පවතී.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන කණ්ඩායම් රැුස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...