වසරකටත් වැඩිකාලයක් තිස්සේ අමෙරිකාව සහ චීනය එකටෙක කරමින් දෙරට අතර සිදුවන වෙළෙඳ කටයුතු වලදී පනවමින් තිබුනු බදු ඉවත් කරගැනීම පිණිස නව ගිවිසුමක් ඊයේ (15 ) අත්සන් කළ බව වාර්තා වේ.
ගිවිසුමේ ප්‍රකාරව අමෙරිකාව චීන භාන්ඩ මිළදී ගැනීමේදී පනවා තිබූ බදු ඉවත් කරනු ලබන අතර චීනය අමෙරිකානු කෘෂි නිෂ්පාදන සහ බලශක්ති අංශයේ නිෂ්පාදන මෙන්ම වෙනත් අමෙරිකානු කාර්මික නිෂ්පාදන මිළට ගත යුතුය.
ගිවිසුම අත්සන් කිරීමට අමෙරිකානු පාර්ශවයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහභාගි වූ අතර චීනය නියෝජනය කරමින් චීන උප අගමැති ලියු හී මහතා සහභාගිවිය. ගිවිසුම අත්සන් කළ දිනයේ සිට දින 30කට පසුව එය බලාත්මක වීමට නියමිත බව දෙපාර්ශවය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියෝය.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...