දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් 27 දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව ජනමතයට කන්නොදී සිදුකරගෙන යනු ලබනවැඩපිලිවෙල සහ ඊට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

ජනතාව මත තව තවත් බදුබර පැටවීම, රටේ ආර්ථිකය පහළ හෙළීමට කටයුතු කිරීම, රාජ්‍ය දේපල විකුණා දැමීම, දිගින් දිගටම සිදුකරනු ලබන දේශපාලන පළිගැනීම් යන කරුණුවලට එරෙහිවෙමින් නීත්‍යානුකුල පියවර ගැනීමට සහ ජනතා සහභාගීත්වයෙන් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාර ගැනද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද එම නියෝජිතයා සඳහන් කළේය.

මීට අමතරව මාර්තු 7 වැනිදා ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී පැවැත්වෙන ජනරැළිය සහ ආණ්ඩුව ඉල්ලා අසවනතුරු රටපුරාම මෙම ජනරැළි මාලාව සංවිධානය කිරීම යන කරුණු ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More