අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.
ඔවුනේ දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබේ.
මල්ෂා සංදීපනි, ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා සහ අමෝද්‍යා මදුහංසි අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්.
ගින්න නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් හටගෙන තිබූ අතර එහි දුම ආග්‍රහනයවීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
ඔවුන්ගේ දේහයන් දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ පෙරවරුවේදීයී.
මිය ගිය තිදෙනා අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනෙකුද වෙයි.
ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියෙත් ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසු වූ අතර ඔවුන් දේහ අද අලුයම නිවසට රැගෙන ආවේය.
හෙට(17) පස්වරුවේ තුම්බෝවිල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන 25 හැවිරිදි කඩුවෙල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසිගේ දේහය ද ඊයේ රාත්‍රියේ නිවසට රැඟෙන ආවේය.
අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා කඩුවෙල බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...