දේශීය පුවත්

අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී සමහර අමාත්‍යවරුන් බේරුණු හැටි සහ සමහර අමාත්‍යවරුන් කැපුනු හැටි දැන් දැන් හෙළිවෙමින් පවතී.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම අමාත්‍ය ධුරයෙනුත් තිරසර සංවර්ධන වනජීවී හා බුද්ධසාශන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යධුරයෙන් පමණක් ඉවත් කිරීමට තීරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා සමග පැවති සාකච්ඡාවකදී ජෝන් අමරතුංග මහතා තමන් අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව දැඩි විරෝධය පළකර තිබෙන බව වාර්තා වේ.

අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවාට එරෙහිව අග්‍රාමාත්‍යවරයාට බැණවදිමින් අඩි හප්පා ජෝන් අමරතුංග අමාත්‍යවරයා ක්‍රියාකළ බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

නමුත් ඊට හාත් පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාටත් පක්ෂ මහලේකම් වරයාටත් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ගන්නා ඕනෑම තීරණයක් තමන් පිළිගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More