දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කඩිනම් කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කරන ලදී. දොස්තර රාජිත සේනාරත්න, ඩී. එම්. ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් සහ අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති. මෙම කමිටුවේ ලේකම්ධරයට පත්කර ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පත්මසිරි ජයමාන්න මහතාය. එම ලේකම් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඊයේ (26) දින අරලියගහ මන්දිරයට කැඳවා ඒ ගැන දීර්ඝ වශයෙන් සාක්ච්ඡාකර ඇත. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් බාරදුන් වාර්තාවක්ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...