මුහුණු පොතෙන්

යාල ජාතික වනෝද්‍යානයේ සැරිසරන සුප්‍රකට “ගැමුණු හස්තියාගේ” ඉතිරිව තිබු එකම දළය ද අහිමිව ගොස් ඇති බව වාර්තාවේ.

යාල ජාතික වනෝද්‍යානයේ පාලන අංශය සඳහන් කලේ ගැමුණු හස්තියා සිතුල්පව්ව ආශ්‍රිත කැලෑවේ වෙසෙන “නන්දමිත්‍ර” නමින් හඳුන්වනු ලබන හස්තියා සමග ඇති කර ගත් ගැටුමකින් ඔහුගේ ඉතිරිව තිබු දළය අහිමි කර ගෙන ඇති බවය.

සංචාරකයින් රැගෙන යන සෆාරි ජීප් රථ රියදුරෙක් විසින් යාල වනෝද්‍යානයේ පිහිටි මහසිලාව බංගලාව අසලදී සිය දළය අහිමි කර ගත් ගැමුණු හස්තියා පළමුව දැක තිබේ.

ගැමුණු හස්තියාගෙ ගිලිහුණු දළ කොටස ඊයේ දිනයේදී යාල වනෝද්‍යාන සේවකයින් විසින් සොයා ගැනීමට සමත්ව තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී මැණික් ගඟ ගලා බසින යාල වනෝද්‍යානයේ සඳුන් ඔරුව ප්‍රදේශයේදී තවත් හස්ති රාජයින් දෙදෙනෙක් සමග ඇතිවූ ගැටුමකදී ගැමුණුගේ පළමු දළය අහිමිවූ බවයි වනෝද්‍යාන සේවකයින් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More