බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ලබාදී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවසීය.
යුද හමුදාපති මේජර් ජනරාල්මහේෂ් සේනානායකමහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර අද දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ බ්‍රිතාන්‍ය තානාපති සේවය අවලංගු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බ්‍රිගේඩියර්වරයා ලංකාවට නොගෙන්වා මහකොමසාරිස් කාර්යලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත්, ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා තිබෙන බවත් ඒ මහතා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...