දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මේවන විට සාකච්ඡා ආරම්භකර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කලේය.

26 වැනිදා සවස සිට මෙම සාකච්ඡා කොළඹ සිථාන 03 ක සිදුවන බවත් මේ වන විට එම සාකච්ඡාවල ප්‍රගතිය පෙන්නුම් කෙරෙන බවත් එම නියෝජිතයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කළ බවද එම විශ්වාස භංග යෝජනාවේ කෙටුම්පතට ඇතුළත් කරුණුද මේ වන විට සාක්ච්ඡා කෙරෙන බවද. ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධීපතිතුමා ක්‍රියා නොකොළොත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් එම නියෝජිතයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ 113 සරල බහුතරය ලබාගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්සයේ කණ්ඩායම් සමග සිදුකරගෙන යන සාකච්ඡාවලදී අනාවරණය වී තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාහ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More