පාර්ලිමේන්තුවේ හෙරොයින් භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳව දැන ගැනීම වෙනුවෙන් තමන් නිරූපිකාවක් වන පියමු හංසමාලිව උපායදූතියක් ලෙස යොදවාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“පියුමි තමයි හරියටම කිව්වේ කෝකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගැන. මම පියුමිව උපායදූතියක් ලෙස යොදා ගත්තා” යැයි ඔහු පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
” දැන් කාටවත් බේරෙන්න බෑ. මම ඔක්කොම රෙකෝඩ් කළා. ඇලෝසියස් කෝල් කරපු එකත් මම රෙකෝඩ් කළා. මම බය නෑ. තිත්ත ඇත්ත කථා කළා. ”
—————————————————–
රන්ජන්ගේ ප්‍රකාශයට කථානායක ඉඩ නොදෙයි
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය යන අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාවක් ලබාගෙන අවශ්‍ය ප්‍රකාශය කළ හැකි බවත් කථානායකවරයා දැනුම් දුන්නේය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...