දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සහ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් (ජනාධිපතිවරණයට පෙර* මාසය සඳහා වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් ඉල්ලා අතිරේක ප‍්‍රතිපාදන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඊයේ (21 දා) ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ඉන්ධන වියදම, වාහන සහ යන්ත්‍රෝපකරණ නඩත්තුව, තැපැල් හා සන්නිවේදන, විදුලි හා ජල බිල් සඳහා නොවැම්බර් මාසයට අදාළව රුපියල් කෝටි 33 ක් ලබාදී ඇතැයි එහි සඳහන් කර ඇත.

ඊට අමතරව රාජ්‍ය ආයතන කිහිපයකට අලූතින් බඳවාගත් සේවකයන්ට වැටුප් සහ වේතන වෙනුවෙන් රුපියල් කෝටි 117 ක්, රාජ්‍ය සේවකයන්ට ගෙවපු රුපියල් 2500 ක මාසික අන්තර් දීමනාව වෙනුවෙන් රුපියල් දොළොස් කෝටි පනස්හය ලක්‍ෂයක්, ගොවිජන දෙපාර්තමේන්තුවේ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ වාහන සඳහා කල්බදු පොලී ගෙවීමට රුපියල් තුන්කෝටි දාහත්ලක්‍ෂයක් එම මාසය තුළ ගෙවා තිබේ.

ලංගම බස් රථ සංචිත වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 20 ක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හෝ මුද්‍රිත හැඳුනුම්පත් 250000 ක් සැකසීමට රුපියල් කෝටි 20 ක් ඉකුත් නොවැම්බර් (2019) මාසයේ ගෙවා ඇත.

බේරේ වැව සංවර්ධනය, බස් රථ නවීකරණය, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රුපියල් කෝටි 450 ක්, තැපැල් සේවක හිඟ වැටුප් ගෙවීමට රුපියල් කෝටි 67 ක්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 249 ක්, විශ‍්‍රාම වැටුප් සංශෝධනය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක්, ඖෂධ සැපයීම් බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් කෝටි 310 ක් ඇතුළුව කෝටි 2170 කට අධික අතිරේක මුදලක් නොවැම්බර් මාසයේ ගෙවා ඇතැයි ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයේ දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More