දේශීය පුවත්

වැටුප් විෂමතාවය , වැඩි වැටුප් ලබා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කුරුණෑගල දොඩංගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ සේවකයෝ එම මිණිරන් පතලේ අඩි එක්දහස් එකසිය තිස්දෙකක් (1132) යටට වී ඊයේ (21වැනිදා) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

සේවකයන් පවසන්නේ වසර පහකට ආසන්න කාලයක සිට එකම පනතක් අනුව තමන්ට වැටුප් ගෙවන ලෙස විවිධ රජයන් යටතේ සිටි කර්මාන්ත ඇමැතිවරුන් හා ලේකම්වරුන්ගෙන් ඉල්ලීම් කළත් එය ඉටු නොවූ බවය. ආයතනයේ සේවකයන් කොටසක් වැඩි වැටුප් ලබද්දී ඇතැම් සේවකයන් ඉතා සුළු වැටුපක් ලබන බවද උපවාසයේ නිරත සේවකයෝ පවසති.

එමෙන්ම මෙම ආයතනයේ ඇතැම් සේවකයන්ට දින 42 ක වාර්ෂික නිවාඩු ලැබෙද්දී තවත් සමහරුන්ට හිමිව ඇත්තේ දින 14ක නිවාඩු පමණක් බව ද වසර ගණනක් තිස්සේ සේවය කරන සේවකයන් ස්ථීර නොකරන බව ද ඔවුහු සඳහන් කරති.

මෙය දිනපතා පොළොවෙන් අඩි දෙදහසකට වඩා යට රැඳෙමින් අති දුෂ්කර රැකියාවක නිරත වන තමන්ට අසාධාරණයක් බව පවසන එම සේවකයෝ ඊයේ උදෑසන ගහටගහ පතලේ අඩි එක්දහස් එකසිය තිස්දෙකක් යටට බැස මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

සේවකයන් හැත්තෑ දෙනෙකු පමණ මෙම මාරාන්තික උපවාසයට එක්ව සිටින අතර එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පතල් භූමියට ඇතුළුවීමට එහි ආරක්‍ෂක නිලධාරීන් විසින් ඉඩ නොදුන්හ. ඔවුන් කියා සිටියේ ආයතනයේ උසස් නිලධාරීන් මාධ්‍යවේදීන්ට පතල් භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවය.

ඒ අනුව සේවකයන් පිරිසක් පතළ තුළ මාරාන්තික උපවාසයක නිරත වෙද්දී තවත් සේවකයන් පිරිසක් පතල් භූමිය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.

නිසි බලධාරියෙක් පැමිණ තම ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු මෙම මාරාන්තික උපවාසය නතර නොකරන බව ද පැවසූ ඔවුහු ඉදිරි දිනය තුළ විසඳුම් නොලැබෙන්නේ නම් අඩි දෙදහසක් පතළට බැස උපවාසය අඛණ්ඩව සිදුකරන බව ද සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More