චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නව කොරෝනා වෛරසය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පිලිපීනය සහ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරින් මේ වන විට අවධානයෙන් පසුවෙි.
මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් චීනයේ සිට පැමිණි අය බව තහවුරු වී ඇත.
ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව, අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක ගුවන් තොටුපළවල් සිය රටට ඇතුල්වන ගුවන් මගින් විමර්ශනය කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ කර තිබේ.
නව කොරෝනා ආසාදනය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහාද මේ වන විට පියවර ගෙන තිබේ.
මේ අතර චීනයේ සිට තම රටට සංචාරකයින්ට ඇතුල් වීම තහනම් කරමින් උතුරු කොරියාව නියෝගයක් පනවා තිබේ.
මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදුනු බිංජින් සරසවියේ ප්‍රධාන වෛද්‍යවරයෙක් වන Wang Guangfa ද එම වෛරසයට ගොදුරු වී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට පුද්ගලයින් 440 දෙනෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර ජීවිතක්ෂයට පත්වු රෝගීන් සංඛ්‍යාව 09ක්.
මෙම වෛරසය සීඝ්‍රයෙන් මිනිසුන් අතරේ සම්ප්‍රේෂණය වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කළේය.
චීනයයේ ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වන මෙම වෛරසය ලොවපුරා පැතිරියාමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේදී විශේෂ කමිටු රැස්වීමක් ද කැඳවා තිබෙන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...