දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ කටයුතු කරන බවත් මහ ලේකම්වරයා කීවේය.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවති මාධ්ය හමුවේ දී මේ බව සඳහන් කළ ඒ මහතා ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කරන්නේ 1994 දී පිහිටුවන ලද පොදුජන පෙරමුණ වෙනුවට බවත් ඉන්පසු එම පක්ෂ දෙකේ ව්යවස්ථා එකිනෙකට බද්ධකර ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්යවස්ථාව සකස් කරන බවත් කීවේය.

මේ වන විට අවශ්ය වන්නේ සන්ධානය ලියාපදිංචි කිරීමයි. ඉන්පසු ලාංඡනය පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකියි. සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමේ දී සියයට තිහක ප්රතිශතයක් ශ්රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බවට එකඟතාවක් තිබෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More