ශ්‍රී ලංකාව තම දේශීය කිරි අවශ්‍යතාවයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ 50% කට වඩා අඩු ප්‍රතිශතයක් බවත් එනිසාම කිරි වලින් ස්වයං පෝෂිත වීමේ සිහිනය ශ්‍රී ලංකාවට ඉතා ඈතින් ඇති බවත් මාධ්‍ය අමතමින් ෆොන්ටෙරා සමාගමේ ඉන්දීය උප මහාද්වීපයේ කලමනාකරන අධ්‍යක්ෂක සුනිල් සෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ” ශ්‍රී ලංකාව සිය වාර්ෂික දියර කිරි අවශ්‍යතාවයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ 42% ක් පමණයි. එනිසාම සමාගම් වලට විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට කිරි පිටි ආනයනය කිරීමට සිදුවෙනවා. දේශීය ගවයන්ගේ කිරි නිෂ්පාදනයේ ඵලදායිතාවය ඉතාම පහළ මට්ටමකයි පවතින්නේ. එනම් එක් කිරි එළදෙනෙකු දිනකට කිරි ලීටර 3.5ක් පමණ ප්‍රමානයකුයි ලබා දෙන්නේ.නමුත් ඉන්දියානු ගවයෙකු දිනකට ලීටර 7ක් පමණ ලබාදෙනවා.” යැයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, ” අද විශේෂයෙන්ම තරුණ පරපුර අතර නැවුම් එල කිරි වලට වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා නමුත් ඉල්ලුම සපුරාලීමට නොහැකියි. ආර්ථික වශයෙන් කිරිපිටි පරිභෝජනය ලාභදායකයි. නවසීලන්තයේ කිරි නිෂ්පාදන සමුපකාර ගොවියන් 10,000ක පිරිසක් විසින් නිපදවන කිරි ෆොන්ටෙරා සමාගම මිළදී ගන්නා අතර සමාගම තත්ව පාලනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. නවසීලන්තයේ අපනයන ආදායමෙන් 25%ක් ආවරනය වන්නේ කිරි නිෂ්පාදන වලින්” යැයි පවසා සිටියේය.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...