දේශීය පුවත්

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trail At Bar)  සිතාසි නිකුත් කළේය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු  නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා  අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trail At Bar)  පත් කරන ලදී.

නීතිපතිවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව විභාග කිරීම සඳහා  චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trail At Bar)  අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇතිවු ආන්දෝලනාත්මක තත්ත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2)  වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4)  වගන්තිය යටතේ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ  සාක්කි වසන් කිරීම ඇතුළු  චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය  ප්‍රකාශක  ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු  නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇත.

චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවට නීතීපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More