පුරවැසි කොලම

නව ආණ්ඩුවේ කෝප් කමිටුව පිහිටුවන තෙක් පාර්ලිමේන්තු ලේඛනාගාරයේ රහස් වාර්තාවක් ලෙස අගුළු දමා තිබූ මහ බැංකු බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව ඊයේ (21 දා)කථානායක කරු ජයසූරිය මහතා විසින් සභාගත කළේය. මෙතැන් සිට මෙම වාර්තාව රටේ පොදු ජනතාවගේ ලේඛනයක් (Public Documents) බවට පත් වනු ඇත. ඉතා දුෂ්කර ක‍්‍රියාවලියකින් පසු පාර්ලිමේන්තු මේසයට පැමිණි මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් ඊළ`ග කාර්යභාරය පැවරෙන්නේ ආණ්ඩුවටය. ඒ එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව අධ්‍යයනය කර ඉතා කඩිනමින් මහ බැංකු වංචාවේ චූදිතයන්ට දඬුවම් ලබාදීමේ අධිකරණ ක‍්‍රියාවලිය දියත් කිරීමය. එය සිදු නොවුණහොත් වෝහාරික විගණන වාර්තාවද, රටේ අනෙකුත් විගණන වාර්තා මෙන් රටේ ජනතාවගේ ඓතිහාසික උරුම ලේඛනයක් පමණක් බවට පත්වනු ඇත.

රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් රුපියල් මිලියන 900 ක් පමණ වැය කර ජාත්‍යන්තර විගණන ආයතනයක් මගින් සිදු කළ මෙම වෝහාරික විගණන වාර්තාවට මූලිකව පදනම් වන්නේ 2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සියලූ කරුණු වාර්තා කිරීමය. අදාළ විගණන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් 2019 ජනවාරි 14 වැනි දින නිකුත් කරන ලද නිවේදනයට අනුව මෙම විගණන ක‍්‍රියාවලිය විගණන 5 කින් සමන්විතය. රටේ ජනතාවගේ දැන ගැනීම පිණිස එම විගණනයන්ට අදාළ විෂය පථ මෙසේය.

01. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර.

02. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප‍්‍රාථමික හා ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු.

03. 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 වැනිදා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තු ගත කළ හා ලැයිස්තු ගත නොකළ කොටස්වල කරන ලද ගනුදෙනු.

04. 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර හා ලැබුණු මුදල් මහා

භාණ්ඩාගාරයට සම්පේ‍්‍රෂණය කිරීම.

05. තෝරාගත් ප‍්‍රාථමික වෙළඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි / බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් කරන ලද අධීක්‍ෂණ හා නියාමන කාර්යභාරය යන විෂය පථ ඊයේ සභාගත කරන ලද වෝහාරික විගණන වාර්තාවට ඇතුළත්ය.

එම නිසා මෙම විගණන වාර්තාව රටේ මූල්‍ය විනය හෙළි කරන ඓතිහාසික ලියැවිල්ලක් වනු ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක විසින් අත්වැරැුද්දකින් එළියට දැමූ හඬපට මගින් රටේ මහජන නියෝජිතයන්ගේ විනය රටම දැන ගත් අතර මෙම වෝහාරික විගණනය මගින් එම නියෝජිතයන්ගේ මූල්‍ය විනයේ හෙළුව රටම දැන ගනු ඇත.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී වැඩියෙන්ම අසන්නට ලැබුණේ රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ සටන් පාඨය. නමුත් ජාතික ආරක්‍ෂාව තරමට වැදගත් මූල්‍ය ආරක්‍ෂාව පිළිබඳ සංවාදය දේශපාලන වේදිකාවෙන් මතු වූයේ නැත. මහ බැංකු වාර්තාවට අනුව රටේ ණය බර ප‍්‍රතිශතය දළ ජාතික නිෂ්පාදිතයෙන් 82.28% කි. එවැනි ණය බරකින් මිරිකී සිටින රටකට මූල්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ගොඩනැ`ගීම අත්‍යවශ්‍යය. නමුත් ඒ ප‍්‍රතිපත්තීන් ගැන කියැවෙන කතා ජනතාවට ‘‘ආතල්’’ දෙන සිල්ලර දේශපාලන සටන් පාඨවලින් කෙළවරවීම ඛේදවාචකයකි.

බැඳුම්කර වංචාව ම`ගින් රටට සිදුවූ සමස්ත ආර්ථික හානිය ඉලක්කම්වලින් ගණනය කළ නොහැක. මන්ද ඉලක්කම්වලින් ඔබ්බට ගිය රටේ අනාගතයට බලපාන ආර්ථික විනාශයක් බැඳුම්කර වංචාවෙන් සිදු වී තිබේ. එම විනාශයේ දත්ත සියල්ල වෝහාරික විගණන වාර්තාව පරිශීලනයෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එම දත්ත පිරික්සීමෙන් ආර්ථික ඝාතකයන්ගෙන් මහා භාණ්ඩාගාරය බේරා ගැනීම සඳහා නව මූල්‍ය නීති සකස් කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරී තිබේ. වෝහාරික විගණන වාර්තාවෙන් දේශපාලන ‘‘ආතල්’’ නොදී ආණ්ඩුව එම ජාතික වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More