උදරයේ වේදනාවක් හේතුවෙන් ඊයේ (22) අලුයම මාතර මහ රෝහලට ඇතුළත් වූ තරුණයකුට දරුවකු ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වනවා.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ උදරයේ අමාරුවක් ඇති වූ තරුණයකු රාත්‍රියේ රෝහලට ඇතුළත් වූ බවත් පිරිමි නමකින් ඇතුළත්ව ඇති මෙම තැනැත්තා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු සියලු තොරතුරු ලබාදී ඇත්තේ පිරිමි වෙසින් බවයි.
රෝහලට ඇතුළත් වීමට පැමිණි තැනැත්තා රෝගීන් ඇතුළත් කර ගැනීමේ අංශයේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර ලියාපදිංචියෙන් පසු පිරිමි සඳහා වෙන්වූ 11 වාට්ටුවට යවා තිබෙනවා.
රාත්‍රියේ උදරයේ වේදනාව වැඩි වූයෙන් ඒ පිළිබඳ පරීක්ෂා කළ වෛද්‍යවරු අදාළ පුද්ගලයා පිරිමි වෙසින් පෙනී සිටින කාන්තාවක් බව හා දරු ප්‍රසූතියක් සඳහා සූදානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉන්පසු ප්‍රසූතිය සඳහා 23 වාට්ටුවට මාරු කර තිබෙනවා. එහිදී දරු ප්‍රසූත අවස්ථාවක් ඇති වූ හෙයින් වහා දරු ප්රසූතාගාරය වෙත යවා ඇති අතර එහිදී පිරිමි දරුවකු බිහි කර තිබුණා.
මාතර මහ රෝහලේ පොලිසිය පැවැසුවේ පිරිමියකු ලෙසින් මෙලෙස පෙනී සිට ඇත්තේ දෙවිනුවර ප්‍රාදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බවත්, ත්‍රිරෝද රථ රියැදුරකු ලෙසින් සේවය කර ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...