බරපතළ වැරදි සහ අක්‍රමිකතා කිහිපයකට චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම පිටුපස නීතිපතිවරයා සිටින්නේදැයි බරපතළ සැකයක් මතුවන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්‍රාමික මේජර්වරයා මේ බව සඳහන් කර සිටියේය.
රන්ජන් රාමනායක හා ශානි අබේසේකර අතර වූ දුරකථන සංවාදයකදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩුවට අදාළ වැදගත් කරුණු රැසක් සාකච්ඡා වී ඇති බව පවසන විශ්‍රාමික මේජර්වරයා එක්නැලිගොඩ පැහැරගත් දිනයේම එම පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම යුද හමුදා කර්නල්වරයකු වූ දයා රත්නායකද පැහැරගත් බව එම සංවාදයේදී අනාවරණය වන බව ඔවුන් දෙදෙනා අතර සිදුවූ දුරකථන සංවාදයෙන් හෙළිදරව් වන බවද ඔහු සඳහන් කර සිටියේය.
එහිදී කවුරුන් විසින් කුමන වුවමනාවක් සඳහා ඔවුන් පැහැරගත්තා දැයි රන්ජන් රාමනායක විසින් ශානි අබේසේකරගෙන් විමසා සිටින බවත් පෞද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් මෙම පැහැරගැනීම් සිදුවූ බව ශානි අබේසේකර එහිදී ප්‍රකාශ කළ නමුත් ඔහු මේ පිළිබඳව කිසිදු අධිකරණයකට දන්වා නොමැති බැවින් වගකිවයුතු නිලධාරියකු ලෙස ඔහු බරපතළ වරදක් සිදුකර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
මේ පිළිබඳව කරුණු සඳහන් කරමින් තමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් චම්පික රණවක හිටපු ඇමැතිවරයා මෙම අතුරුදන්වීම් පිටුපස සිටින බව පැවසුවද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...