කැබිනට් තීරණය ක්‍රියාවට නංවමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලෙන් ඉවත්ව බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත අද(23) සිය අමාත්‍යංශය රැගෙන යාමට කටයුතු කළේය.
එහෙත් තවමත් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සියලු දෙනා පෞද්ගලික ගොඩනැගිල්ල තුළ රැඳීසිටියි.
ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ලබා ගැනීමේදී ඉකුත් රජය සමයේ අක්‍රමිකතා සිදුව ඇති බවට වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණ වුණි.
ඒ අනුව මසකට රුපියල් ලක්ෂ 241ක කුලියක් ගෙවමින් අදාළ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ පසුගිය දෙසැම්බර් 18 වැනිදායි.
කැබිනට් තීරණයෙන් දින 36 ක් ගතවන විටත් එම තීරණය ක්‍රියාත්මක නොවුණු පසුබිමක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද ගොවිජන මන්දිරය වෙත පැමිණ සිය වැඩ ඇරඹුවේය.
================================================================================
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය අද (23) දිනයේ බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත ගෙනයන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසයි.
ඔහු ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සඳහන් කළේ “කෘෂිකර්ම අමාත්‍යාංශයේ කොටසක් හැටියට රාජ්‍ය අමාත්‍ය කාර්යාලය ගොවිජන මන්දිරය වෙත ගෙන යනවා. අපි විශ්වාස කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනෙකුත් අංශත් මේ විදිහට මෙතනට එයි කියලා. ” යනුවෙනි.
ඉකුත් රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ සිට රාජගිරිය ප‍්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනයාම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වුණි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විදුර වික‍්‍රමනායක පැවසුවේ කඩිනමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සිය පැරණි නිවහන වන ගොවිජන මන්දිරය වෙත රැගෙන යන බවය.
කෙසේවෙතත් සිය උත්සාහයට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගෙන් බාධා එල්ල වූ බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මීට පෙර මාධ්‍ය වෙත අනාවරණය කළේය.
එවැනි තත්ත්වයක් හමුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හෝ ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තමන් තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...