වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ගනු ලබන්නේ පසුගිය රජයේ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ස්ථාවරයම බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ජාතික සංවිධාන ඊට එරෙහිව දැඩි විරෝධය පල කිරීමට පටන්ගෙන ඇත.
අද දින ( 23 දා ) රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කළ සාහිත්යදාරී ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද නිරාණගම සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින ලදි.
එම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ ජනවරම හෙවත් රණවිරුවන් පාවා දීමට එරෙහිව ලබාදුන් ජනවරමට පයින් ගැසීමක් බව සඳහන් කළ ඔවුන් විසින් පසුගිය ආණ්ඩුව කළ දේ කිරීමට නව ආණ්ඩුවක් කුමකටදැයි ප්‍රකාශ කරනු ලැබීය.
තවදුරටත් ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබුවේ තිලක් මාරපන මහතා මංගල සමරවීර මහතා විසින් සිදු කළ මහා පාවා දීම අනුමත කරමින් රණවිරුවන්ට චෝදනා කළ මහා කොමසාරිස් වාර්ථාව සහ ඒ මත පදනම් වූ 30/1 යෝජනාවලිය පිළිගන්නා අතර එහි එක් යෝජනාවක් එනම් දෙමුහුන් අධිකරණ යෝජනාවව පමණක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ක්‍රියාත්මක කළ නොහැකි බවට ඇඟ බේරාගත් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...