කිරි සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමතිවරයා හමුවීමට එම අමාත්‍යාංශයට ඊයේ (22 වැනිදා) ගියද, ඇමැතිවරයා සාකච්ඡාව මගහැර ගොස් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මෙසේද පැවැසීය.
“රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන අපිට දක්වපු ප්‍රතිචාරය පිළිබදව අපි බෙහෙවින්ම කනගාටු වෙනවා. අපි විරෝධය පළ කරනවා. මොකද එතුමාත් එක්ක කතා කරලා තමයි අපි දිනය යොදා ගත්තේ. ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාදී මෙම හමුවීම සම්බන්ධව අපි තහවුරුවක් ලබා ගත්තා. සාකච්ඡා දිනය වෙනස් වන බවට මගේ දුරකථනයට ඇමතුම් ගත් බව කීවත් මට ඒ කෝල් ඇවිත් තිබුණේ නෑ.
සාකච්ඡා දිනය වෙනස්වීම ගැන පණිවුඩය කිසියම් ක්‍රමයකට ඔවුන්ට දෙන්න තිබුණා. අපි මෙතැනදී ඇමැතිවරයාට කතා කරද්දී කිව්වේ අගමැතිවරයා සමග විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න සිදුවුණා කියලයි. දිනය වෙනස් කර ගැනීමටවත් සදාචාරයක් නොමැතිවීම ගැන අපි කනගාටු වෙනවා. අපි අලුත් ආණ්ඩුවෙන් අහනවා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඔබලා උත්තර දෙන්නේ මෙහෙමද කියලා. දහස් ගණනක් ගොවිජනතාව මෙතැනට ගෙනැල්ලා අමාත්‍යාංශ වටකරලාද සාකච්ඡා ඉල්ලන්න ඕනේ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.
කුර හා මුඛ රෝගය නිසා ගවයින් ලක්ෂ ගණනක් ලෙඩ වෙලා තිබෙනවා.විශාල වශයෙන් ගවයින් මිය ගිහින්. කිරි නිෂ්පාදනය සියයට හතළිහකින් අඩුවෙලා. මේ නිසා ඉක්මනින් පියවර ගත යුතුයි. කුකුල් මස් නිෂ්පාදකයාගෙන් කුකුල් මස් කිලෝව රුපියල් දෙසීයට ගන්නේ. නමුත් පාරිභෝගිකයා මිලදී ගන්නේ රුපියල් හාරසීයට. පන්සීයටයි. ඒක පුද්ගල පරිභෝජනය දිහා බලද්දී මාසයකට කුකුල් මස් කිලෝ ලක්ෂ පනහක අතිරික්ත නිෂ්පාදනයක් තිබෙනවා. එහෙනම්, මිල අඩුවිය යුතුයි. අපි මේවා කතා කරන්න ආවේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...