වසර පහකට බලපවත්වන කාළයක් සඳහා ඇමරිකාවේ Millennium Challenge Corporation සමගින් අත්සන් කිරීමට යෝජිත MCC හෙවත් Millennium Challenge Compact ගිවිසුම පසුගිය ජනධිපතිවරණ කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් සිදුකලහ. ප්‍රධාන ගිවිසුම අඩංගු පිටු 16කින් සහ ඇමුණුම් සහිතව සම්පූර්ණ පිටු 84කින් හෙබි ඉංග්‍රීසියෙන් නිකුත් කරන ලද පිටපතක් පිටු 12 සහ 13 රහිතව ඒ වනවිට නිකුත්කර තිබුනි. එහි සඳහන් රටට අයහපත් කරුණු ලෙස ජනාධිපතිවරණ වේදිකාවල සහ රූපවාහිනී වාද වැඩසටහන් වල සාකච්ඡාවට සහ විවාදයට පහත සඳහන් කරුණු භාජනයවුනි.
01. රටේ ඉඩම් වලින් අක්කර ලක්ෂ තිහක් පර්චසයක් රුපියල් 180 යි ශත 10 ගණනේ ඇමරිකන් ග්‍රහණයට නතුවීම.
02. රටේ ඉඩම් වලින් අක්කර ලක්ෂ දොලහක් ඊනියා ආර්ථික කොරිඩෝවකට ඇමරිකාවේ ග්‍රහණයට නතුවීම.
03. සීගිරිය ආදී පුරාවිද්‍යා ස්ථාන, වනවාසී සිල්වත් භික්ෂූන් වැඩ වසන ආරන්ය සේනාසන, ඓතිහාසික පුදබිම්, වැසි වනාන්තර, සතා සුව්පාවා ජීවත්වන ස්වාභාවික වනය, ඇල දොල ගංගා ජල ධාරා ආදී සියල්ලම වැනසීම.
04. ජාතික සමගිය වැනසෙන, රට උතුර දකුණ ලෙස වෙන්වෙන, නැගෙනහිර ත්‍රස්ථාවාදය පෝෂණය කරන කොරිඩෝවක් සෑදීම.
05. ලංකාව කාන්තා හිංසනය උපරිමයෙන්ම පවතින රටක් ලෙස පිලිගත යුතුයි කියන කොන්දේසිය ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන අප රට මෙලේඡ රටක් ලෙසට හංවඩු ගසාගැනීම.
06. ඇමරිකානු හමුදා කඳවුරු රට තුල ස්ථාපනය කිරීමට ඉඩදීම.
07. අභූත මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කර රට නය උගුලක වැටෙන ආකාරයේ ක්‍රියා දාමයකට රට ඇද දැමීම.
08. MCC ගිවිසුම කඩකලා යැයි චෝදනා කර රට ආර්ථික අගාදයකට දැමිය හැකි වගන්ති වලින් යුක්තවීම.
09. ප්‍රධානයක් ලෙස සඳහන් කලද ණය මුදලක්සේ ලබාදීම.
10. ණය ආපසු ගෙවීමේදී ලබාදුන් මුදල නොව එහි පවතින ආර්ථික වටිනාකම ඩොලර් වලින් ගෙවීම.
මෙම මුල්‍ය ආධාරය හෙවත් ණය හෙවත් එවකට හිටිය මුදල් ඇමතිතුමා වරක් සඳහන් කළ පරිදි පාස්කු ප්‍රහාරයෙන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මියයෑම වෙනුවෙන් ඇමරිකාවෙන් ලැබුන ප්රදානය ලබාදීමේදී ඇමරිකානු සමාගම විසින් පනවා ඇති නිර්ණායක වන්නේ ආර්ථික නිදහස සහ දේශපාලන නිදහස පිළිබඳව තම අවශ්‍යතා ඉටුකරවා ගැනීමට ඉඩලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කර ගැනීමයි. ඒ යටතේ ඔවුන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, උද්ධමනය, නියාමන ගුණාත්මකභාවය, වෙළඳ ප්‍රතිපත්තිය, ආර්ථිකය තුළ ස්ත්‍රී/පුරුෂ දායකත්වය, ඉඩම් අයිතිය හා ප්‍රවේශය, ව්‍යාපාර ආරම්භ කිරීම, සිවිල් නිදහස, දේශපාලන අයිතිවාසිකම්, දූෂණය පාලනය කිරීම, රජයේ කාර්යක්ෂමතාව, නීතියේ ආධිපත්‍යය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස, දේශපාලන අයිතිවාසිකම්, සෞඛ්‍ය සඳහා වියදම්, ප්‍රාථමික අධ්‍යාපන වියදම්, ප්‍රතිශක්තිකරණ අනුපාතය, ගැහැණු ළමයින්ගේ ද්වීතික අධ්‍යාපන අනුපාතය හා ළමා සෞඛ්‍යය යනාදිය සඳහා තම බලපෑම තහවුරු කර ගැනීමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් කරන්නට යෙදුන කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා පිළිබඳ ප්‍රකාශය MCC ගිවිසුමේ දිගුවක් ලෙසද එවකට සැකයට භාජනය විය.
MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා, ජනාධිපතිවරණයෙන් නියත පරාජය පෙනිපනී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතියදී තිබුන අතර, සුපුරුදු හොරපාරෙන් පාර්ලිමේන්තුවද මගහැර, දින කිහිපයකින් තනතුර හැරයාමට නියමිත, මුදල් ඇමති වන, කුප්‍රකට ජිනීවා ගිවිසුම විදේශ ඇමතිධූරය හොබවන අවධියේදී කිසිදු නෛතික බලයක් නොමැතිව අත්සන්කල, මංගල සමරවීරයන් හට බලය පවරාදී තිබුණි. දිනෙන් දින මහජන විරෝධය දැඩි වෙමින් පැවතුනද ඒ වෙනුවෙන් ඉදිරිපත්වූ මහා සංඝයා වහන්සේලාටද අවමන් අක්‍රෝෂ පරිභව කරමින් තර්ජනයෙන් මංගල පිංසිරි ඇමති විසින් ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන ආකාරයක් දක්නට තිබුනි. එබැවින් අවසානයේදී එම ගිවිසුම පැය කිහිපයකින් තනතුර අහිමිවීමට නියමිත මුදල් ඇමතිවරයා විසින් අත්සන් කිරීම වැලැක්වීමට සහ රටට අහිතකර ගිවිසුම්වලට ජනාධිපතිවරණයෙන් පසුව පත්වෙන කිසිදු අපේක්ෂකයෙකු නොඑළඹෙන බවට සහතිකයක් ගැනීම සඳහා ධර්මදර විනයදර සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක්වූ උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයකට එළඹෙන්නට පවා සිදුවිය. දෙදිනක් ගතවෙමින් පැන් පානය පවා ප්‍රතික්ෂේප කරමින් කාශ්‍යප හිමියන් ගෙනගිය උපවාසය මාරාන්තික වීගෙන එනවිට, දැඩිවුන විරෝධය හමුවේ තමා නියෝජනයකල කැබිනට් අනුමැතියද අමතක කර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන්ම MCC ගිවිසුමට නොඑළඹෙන බව පවසන්නට යෙදුනි. ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාද MCC ගිවිසුම හෝ මොනයම්ම රටට අහිතකරව බලපාන ගිවිසුමකට නොඑළඹෙන බව ප්‍රකාෂ කරන ලදී. ඉන් අනතුරුව එම දෙපල විසින් තමා බලයට පත්වුවහොත් උක්ත ගිවිසුම අත්සන් නොකරන බවට කාශ්‍යප හිමියන් හට ලිඛිතව දැනුම් දෙන ලදුව දෙදිනකට පසුව මාරාන්තික උපවාසය උන්වහන්සේ විසින් අත්හරිනලදී.
ජනාධිපතිවරණය පවතින කාළයේදී MCC යනු මහා විනාශකාරී ගිවිසුමක් ලෙස හැඳින්වුව නමුදු ඉන් පසුව එය සියයට ගනන් වලින් යහපත් බව පවසන්නටද යෙදුනි. ඉක්බිති, ජනාධිපතිවරණය ඉකුත්වී මාසයක් ගතවූ පසුව එනම් 2019 දෙසැම්බර් 18 හෝ ආසන්න දිනයකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විද්වතුන් හතර දෙනෙකුගෙන් යුක්ත විශේෂ කමිටුවක් MCC ගිවිසුම නැවත ඇගැයීම සඳහා පත් කරනලදී. එම කමිටුව සමන්විත වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ නාලක ජයවීර යන මහත්වරුන්ගෙනි. ගුණරුවන් මහතා කමිටුවේ ප්‍රධානත්වය උසුලයි.
දැන් නැවත්ත MCC ගිවිසුම පිළිබඳව විවිධ මත රජය පාර්ශවයෙන් සිදුවෙන බව පෙනී යයි. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියොජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී වෙල්ස් මහත්මියගේ 2020 ජනවාරි 14 සිදුවූ සංචාරයේදී මෙම අදහස් ප්‍රකාශ වී ඇත. එහිදී ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාශයන් මත ගිවිසුමේ ඉදිරි ක්‍රියාකාරකම් තීරණය කරනු ලබන බව පැවසීම සහ විදේශ සබඳතා ඇමති දිනේශ් ගුණවර්ධන මහතා විසින් MCC ගිවිසුම ගැන ගුණ වයා තිබීමද දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් වේ.
තත්ත්වය මෙසේ හෙයින් ගුණරුවන් කමිටුවට විශාල වගකීම් සම්භාරයක් පැනවී ඇත. එය හුදෙක් MCC ගිවිසුමේ සඳහන් වගන්ති පිළිබඳව අද්‍යයනයක් කිරීම නොව ඉන් ඔබ්බට ගිය කාර්ය සම්භාරයක් ඔවුන්ගේ උරහිසේ පවතී. ජනතාවද ගුණරුවන් කමිටුව දෙස දෑස් දල්වා බලා සිටී. ගෝඨාභය මහතාට ජනාධිපතිවරණයේදී වැඩි මනාප සංඛාවක් ලබා ගැනීමට මෙම කුප්‍රකට MCC ගිවිසුමද බලපෑ බව පැවසීම අතිශෝක්තියක් නොවේ. MCC ගිවිසුමට විරුද්ධව ගෙනගිය දැනුවත් කිරීම් ඒ සඳහා දායක වුන බව පැහැදිලි කාරණයකි. ගුණරුවන් කමිටුව අත පහුගිය ජනාදිපතිවරණයේදී සත්‍ය පැවසුවේ කවුද බොරු පැවසුවේ කවුද යන්න පැහැදිලි කිරීම රඳා පවතී. ගුණරුවන් කමිටුව මත ලංකාව ඉංදියන් සාගරයේ හයිටියද නොඑසේනම් සිංගප්පූරුවද යන්න තීරණය වීම රඳා පවතී.
එබැවින් ගුණරුවන් කමිටුවේ කාර්යභාරය විය යුත්තේ සැලකා බැලිය යුතු සියලුම මාන ඔස්සේ MCC ගිවිසුම විමර්ශණය කිරීමයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1972 දී ඇතිකරගත් ඉංදියානු සාගර කළාපය සාමකාමී කළාපයක් ලෙස පවත්වා ගන්නේ යැයි අනුමත කරගන්නා ලද ප්රඥප්ති වල සිට ACSA සහ SOFA ගිවිසුම් වල බලපෑම් දක්වාද, ඉන් ඔබ්බට, වෙනත් රටවල් MCC සමග ඇතිකරගත් ගිවිසුම් සහ එම රටවල් වල අද පවතින තත්ත්වයන් දක්වාද අද්යයනය කළයුතුවේ. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා මහජනතාව හටද අවස්ථාව ලබාදෙන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ගුණරුවන් කමිටුවෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
යසස් ධර්මදාස
ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක කමිටුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...