දේශීය පුවත්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.

තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙලකා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බවද රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරයි.

කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකළ බවද රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

– ada



One thought on “රන්ජන්ගේ කුඩු කතාවට ‘හිරු’ ‌ලොක්කා නඩු මගට”

  1. බොරුවට පිම්බෙන්න දගලනවා . පර්ලිමෙන්තුවේ කරපු ප්‍රකශයක් වාර්තා කරන්න මොනව තවත් හොයල බලන්නද. ඒක රිජු වර්තවක් විතරයි

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More