දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්විය.

සජිත් ප්‍රේ මදාස නියෝජ්‍ය නායකයා කිරීම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම එළඹෙන සඳුදා (27 වැනිදා) වන විට අවසන් කිරීමට ද තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳිම සඳහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු ඇමැතිවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව එය විසඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට ක්‍රමවේදයක් සකසමින් සිටිතැයි හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More