ව්‍යාපාරික පුවත්

මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි Trine Joranli Eskedal විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය.

කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ මූල්‍ය සහාය මත 2017 වර්ෂයේදී මෙය ආරම්භ කළේය. මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය මෙහෙයවන ලද්දේ යාපනය විශ්වවිද්‍යාලය සහ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ බටහිර නෝර්වීජියානු සරසවිය ඒකාබද්ධවය.

ශ්‍රී ලංකාව තුළ පිරිසුදු බලශක්තීන් භාවිතය තුළින් දුගී භාවය අවම කිරීම, සෞඛ්‍යය දියුණු කිරීම සහ කාලගුණ විපර්යාස අවම කිරීම මෙවැනි ව්‍යාපෘතිවලට අතහිත දීම ඔස්සේ සිය රජය අපේක්ෂා කරන බව මෙරට නෝර්වීජියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී අද විවෘත කෙරෙන මෙම ව්‍යාපෘතිය ඔස්සේ කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් නිපදවා ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතය.



One thought on “ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද විවෘත කෙරේ – කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිය පද්ධතියට”

  1. මොක්කු මේ ලිපි ලියනවද මන්දා ? කිලිනොච්චියේ පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ගැන කීවාම, කියවන කෙනාගේ හිතට එන්නේ මේක කිලිනොච්චියේ කොහෙද තියෙන්නේ කියන එක. ඉරණමඩු වැවේද මුහුදෙද නැත්නම් වෙන තැනකද කියන එක. හැබැයි ඒ මුකුත් ලි
    පියේ නැහැ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More