දේශීය පුවත්

කුලී වශයෙන් අධික මුදලක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ ඞී. පී. ජේ. ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යෑමේ ගිවිසුමට සම්බන්ධ වූවන්ට එරෙහිව තමන් නඩු පැවරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප‍්‍රකාශ කළේය.

ඊට අදාළව නීතිමය කටයුතු සිය නීතිඥවරයා විසින් මේ දිනවල සිදුකරගෙන යන බවත්, එම ගොඩනැඟිල්ල තුළ අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ද ඉන් මෙරට කෘෂිකර්මාන්තයට ශත පහක සේවයක් සිදු වී නැති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම ගිවිසුම සම්බන්ධ ගනුදෙනුවේදී විශාල වංචාවක්, ¥ෂණයක් සහ අත්තනෝමතික ක‍්‍රියාවක් සිදු වී ඇති බවට තමන් පිළිගන්නා බව ද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගොවි ජනතාවට ප‍්‍රයෝජනවත් වන කුඩා ඇළ වේල්ලක් සෑදීමට රුපියල් ලක්‍ෂ 10 ක් වැය නොකරන ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යෑමට මසකට රුපියල් ලක්‍ෂ 230 ක් පමණ ගෙවීම ජාතික අපරාධයක් බව ද අනුර කුමාර මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඊට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා කියා සිටියේ මෙම ගොඩනැඟිල්ලෙන් කොටසක් ඊයේ (23 දා) පෙරවරුවේ ඉවත් කරගෙන ගිය බවත් ඉතිරි කොටසත් ඉදිරියේදී මෙම ගොඩනැඟිල්ලෙන් ඉවත් කර ගන්නා බවත් ය.

තමා ඇමැතිවරයා ලෙස පමණක් නොව පුරවැසියකු ලෙස ද මෙම ගිවිසුමට එරෙහිව නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මෙවැනි වැඩ නිසා ගොවි අභිමානය කෙළෙසෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



One thought on “රාජ්‍ය ඇමැති පිටව යයි – සබීතාගේ ගොඩනැඟිල්ලේ කුලී ගිවිසුමට සම්බන්ධ වූ අයට නඩු දමයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More