ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 830 ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් ජීවිතක්ෂයට පත් වූවන් මේ වන විට 25 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවයි.
ජනවාරි 25 වෙනිදාට යෙදී ඇති චීනයේ නව අවුරුදු උදාව සැමරීම සඳහා එරට අගනුවර වන බීජිංහි සංවිධානය කර තිබු සියලු ප්‍රධාන පෙලේ උත්සවයන් අවලංගු කිරීමට බලධාරීන් නියෝග කරනු ලැබීය.
චීන අවුරුද්ද සැමරීම හේතු කොට ගෙන චීනයෙන් පිටත ජීවත් වන චීන ජාතිකයින්ද තම මව් රටට පැමිෙණීම වැළැක්වීමට මෙම තීරණය ගෙන තිබේ.
මේ හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර සැණකෙළියක් සහ වාර්ෂික පාපන්දු තරඟාවලියක් අවලංගු කලේය.
මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කොරෝනා වෛරසයේ මුල් ප්රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් සැක පළ කරන බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
චීනයේ ක්රයිට් සහ චීන නාගයන් යන විශේෂයන් ගෙන් මෙම වෛරස් රෝග කාරකය හටගෙන ඇති බවයි හෙළිවී ඇත.
චීන ක්රයිට් ලෙසද හැඳින්වෙන මෙම නාග විශේෂය දරුණු විෂ සහිත සර්ප විශේෂයක් බව විද්‍යාඥයින් හඳුන්වයි.
මෙම වෛරස් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී නව කොරෝනා වෛරසය මීට වසර 17 කට පෙර සොයා ගනු ලැබූ සාර්ස් සහ මර්ස් නම් වෛරස් ප්‍රභවයන් සමග සාමානාත්මතාවයක් දක්වන බවට හෙළිවී තිබේ.
කොරෝනා වයිරසය වාතය හරහා සම්ප්‍රේෂණය වන අතර මූලික වශයෙන් ක්ෂීරපායීන් හා පක්ෂීන්ගේ ඉහළ ශ්වසන හා ආමාශ ආන්ත්‍රයට ආසාදනයට ලක් කරන බවට විද්‍යාඥයින් සොයා ගෙන ඇත.
මෙම වෛරසයට ගොදුරුවූ පළමු රෝගියා වාර්තාවී ඇත්තේ, චීනයේ උහාන් ප්‍රාන්තයේ මාළු සහ මස් අලෙවි කරන වෙළදපොළකින් වීමද විශේෂත්වයකි.
චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් කර ගැනීමට රුචිකත්වයක් දක්වනු ලබයි.
පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර වශයෙන් කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය විශේෂඥයින්ට හැකියාව ලැබී නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියේය.
මේ සම්බන්ධයෙන් BBC සිංහල සේවය පළ කළ තොරතුරු පහතින් දැක්වේ.
මෙම වසංගතයට ශ්‍රී ලංකාෙවේ සූදානම?
නව වෛරසය හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිවේදනය කළේ, එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනාගැනීමට උපකරණයක් ස්ථාපිත කර තිබෙන බවට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය පැවසුවා.
මේ අතර, නව කොරෝනාවෛරස් රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අතර, වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්වසන රෝගවලින් වැළකීමට ගත යුතු පියවර
* කහින විට සහ කිවිසුම් යන විට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීම.
* දෑත් නිරන්තරයෙන් සබන් යොදා සෝදා පිරිසුදුව තබා ගැනීම.
* නිතර නාසය සහ මුහුණ ඇල්ලීමෙන් වැළකීම.
* ජනාකීර්ණ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස කාලය ගත නොකිරීම.
* කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් ජනාකීර්ණ ප්‍රදේශවල ගමන් කිරීම අවම කිරීම.
මොකක් ද මේ වෛරසය?
මේ වන විට රෝගීන්ගෙන් අදාළ වෛරසයේ සාම්පල රැගෙන පර්යේෂණාගාරවලදී විශ්ලේෂණය කර තිබේ.
චීනයේ මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද බලධාරීන් නිගමනය කර ඇත්තේ, මෙය කොරෝනාවෛරස් නමැති වෛරස් ආසාදනයක් බවය.
කොරෝනාවෛරස්
කොරෝනාවෛරස් යනු වෛරස් අතර පුළුල් වෛරස් පවුලකි. එහෙත්, එම වෛරස් අතරින් මිනිසුන්ට ආසාදනය වන්නේ වෛරස් 6ක් පමණි. (නව වෛරසයත් සමග එය 7 දක්වා ඉහළ යනු ඇත.)
2002 වසරේදී චීනයෙන් ඇරඹුණු කොරෝනාවෛරසයක් හේතුවෙන් ඇති වූ සාර්ස් (Severe acute respiratory syndrome) රෝග කාරකය ආසාදානය වූ 8098 දෙනෙකුගෙන් 774 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
“සාර්ස් ගැන තියෙන බරපතළ මතකය නිසා විශාල බියක් ඇති වී තිබෙනවා. ඒත්, මේ වගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අපි ගොඩක් සූදානමින් ඉන්නේ,” වෛද්‍ය ජොසී ගෝල්ඩිං පවසයි.
එය දරුණු වෛරසයක් ද?
කොරෝනාවයිරස් මගින් සුළු සෙම්ප්‍රතිශ්‍යාවක සිට මරණය දක්වා රෝග ලක්ෂණ ඇති විය හැක.
මෙම නව වෛරසය ඉහත කී රෝග පරාසයේ මධ්‍ය තත්ත්වයක පවතින බව දක්නට ලැබේ.
“අලුත් කොරෝනාවෛරසයක් දැක්කා ම ඒක කෙතරම් බරපතළ ද කියලා දැනගත යුතුයි. මේ වෛරසය සුළු සෙම්ප්‍රතිශ්‍යාවකට වඩා බරපතළයි, ඒත් සාර්ස් තරම් දරුණු නැහැ,” එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසයි.
වෛරස් එන්නේ කොහෙන් ද?
සාමාන්‍යයෙන් නිරන්තරයෙන් නව වෛරස් සොයා ගැනීම සිදුවේ.
එම වෛරස් කුමන හෝ සත්ව විශේෂයකින් නොදැනුවත්ව ම මිනිස් ශරීර තුළට ඇතුළු වෙයි.
“මීට පෙර ඇති වූ වසංගත ගැන කල්පනා කළොත් අලුත් කොරෝනාවෛරස් ඇවිත් තියෙන්නේ සතුන්ගෙන්,” නොටිංහැම් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පවසයි.
සාර්ස් වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ, බළලුන් විශේෂයකිනි.
මේ අතර, 2012 වසරේදී ආසාදනය වූ පුද්ගලයින් 2494 දෙනෙකු අතරින් පුද්ගලයින් 858 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ මර්ස් හෙවත් Middle East respiratory syndrome වෛරසය මිනිසුන්ට ආසාදනය වූයේ, ඔටු විශේෂයකිනි.
මෙවර වෛරසය ආවේ කොතනින් ද?
නව වෛරසය වාර්තා වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.
නව වෛරසය වාර්තා වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.
නව වෛරසයේ ව්‍යාප්තිය චීනයේ වුහාන් නගරයේ පිහිටි මාළු තොග වෙළෙදපොළ සමග සම්බන්ධයක් පවතී.
කොරෝනාවෛරස් ඇති කළ හැකි ක්ෂීරපායී වර්ගයේ මතස්‍යයින් ද එම වෙළෙදපොළේ අලෙවි කෙරුණ ද, එහි කුකුලන්, වවුලන්, හාවුන් සහ සර්පයින් වැනි පණ ඇති සතුන් ද අලෙවි කෙරේ. වෛරසය එම සතුන්ගෙන් නිකුත් වීමට වැඩි ඉඩකඩක් තිබේ.
වෛරසයේ ව්‍යාප්තිය
චීන බලධාරීන් පවසන්නේ, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වූ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බවය.
කැස්ස, කිවිසුම් යාම ආදිය හේතුවෙන් මෙම නව වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතී.
ව්‍යාප්තිය කෙතරම් වේගවත් ද?
මෙම වසංගත තත්ත්වය සීමාසහිත එකක් බවට විශ්වාස කර තිබුණ ද, දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා නව රෝගීන් කිහිප දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...