දේශීය පුවත්

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

“ඊනියා ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු නීතිපතිනෙ තාම ඉන්නෙ.

ඒ නීතිපතිතුමා ඒ කාලෙ අත්අඩංගුවට ගන්න කියපු ගමන් කරානේ.

දැන් කියනවා ගිහාන් පිලපිටිය විනිසුරුවත් දාන්නලු. මම දන්නෑ නීතිපතිතුමාට මොනවා වෙලාද කියලා.

ගිහාන් විනිසුරුට වඩා රන්ජන් රාමනායක සමඟ එකට සාකච්ඡා කරන තවත් විනිසුරුවෙක් ඉන්නවා.

එයාව ගන්න කියලා නියෝග දාන්නෙ නැහැ.

තමන්ට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු කෙනා, එයාව අත්අඩංගුවට ගන්න කියලා කියනවා.

රන්ජන් විනිසුරු ගිහාන්ට ෆවුසිව පැයකට හරි ඇතුළට දාන්න කියනවා. විනිසුරු එහෙම කරන්නෙ නැහැ.

එතුමා පැමිණිල්ලක් දානවා. පැමිණිල්ල දාපු විනිසුරුට එහෙම කරන්නෙ කොහොමද?

එහෙම නීතිපති කෙනෙක් යටතේ අපි අවුරුදු ගාණක් හිටියා. තාමත් ඉන්නේ ඒ නීතිපතිනෙ.

ගිහාන් පිලපිටියව අත්අඩංගුවට ගන්න එපා කියලා ජනපති නියෝග කළා.

එහෙම කළා නම් බරපතළ වියවුලක් වෙනවා.

අධිකරණය බේරාගැනීමේ වගකීම අපට තිබෙනවා.”

"රංජිත් ‌සොයිසා සහෘදයා ‌වෙනුවෙන් විමල්ගේ හෘද සාක්ෂිය අවදි ‌වෙයි"

"රංජිත් ‌සොයිසා සහෘදයා ‌වෙනුවෙන් විමල්ගේ හෘද සාක්ෂිය අවදි ‌වෙයි" (මහින්ද කඳවුරේ කවුරුත් ඇසිය යුතු කතාව – 2020.01.24)

Gepostet von Wimal weerawansa am Freitag, 24. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More