සන්නද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉකුත් 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ කිසියම් දේශපාලනමය පළිගැනීම්වලට ලක්ව තිබෙනවා නම් ඒ පිළිබද පරික්ෂණ හා විමර්ශන සිදුකර වාර්තා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් ස්ථාපිත කර ඇත.
මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුැරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභීයාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිකල සහ විශ්‍රාමික පොලිස් පතිවරයකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කර ඇත.
අදාල කාලසීමාව තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වූ දුෂණ විරෝධී විශේෂ ඒකකයක් මගින් පළමුව විමර්ශන සිදුකළ යුත්තේ කවුරුන් පිළිබදවද යන්න තීරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපාරාධ ඒකකය, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ඒ අනුව සිදුකෙරුණු විමර්ශනවලදී ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑම් එල්ල වූ බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වීම මෙම කොමිසම ස්ථාපිත කිරීමට හේතු වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
More details pls..