වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ එකඟතාවය පල කර ඇත.
වස විස නොමැති ආහාර රටාවක් ඇති කිරීම සඳහා කෘෂිකර්මාන්තය තුළ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳව
විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දින මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල්
රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
එහිදී වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදහස් පළ කළේය.
“ලංකාවේ 70% ඉක්මවූ පිරිසක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්. ඉස්සර වයස්ගත අයයි මැරුණේ. දැන් මැදි වයස පහු කරගෙන ඇවිත් මේ වනවිට ළමයින් මියයන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
වසංගත රෝග හා සමානව මේ රෝග ව්‍යාප්ත වෙනවා.
වෛද්‍යවරු හැටියට අපි තමයි ආහාර පිළිබඳ අධිකාරිත්වය දරන්නේ.
අපි ආහාරයට ගන්නේ ජාන විකෘති කළ ආහාර. ඒ වගේම වස විස සහිත ආහාර. 1965 වර්ෂයේ හරිත විප්ලවයත්
සමඟ තිරසාර කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා වස විස සහිත ආහාර නිෂ්පාදනයට නැඹුරු වුණා.
ඒත් එක්කම නිරෝගිකම අහෝසි වෙලා තියෙනවා.
දියවැඩියාව, පිළිකාව වගේ කායික රෝග වගේම ඔටිසම් වගේ මානසික රෝග පවා වස විස සහිත ආහාර නිසා ඇති වෙන්න පුළුවන්.
කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා වස විසෙන් තොරව කෘෂිකර්මාන්තය සිදු කළ හැකි බව පිළි ගන්නවා වගේම ඒ දේ ප්‍රතිපත්තියත් විදිහටත් පිළි ගත්තා.
ඒ අනුව පාරම්පරික, අපිට ආවේණික බෝග වගා කිරීම දැන් ආරම්භවෙනවා. අමාත්‍යතුමා රනිල බෝග වස
විසෙන් තොරව වගා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න එකඟ වුණා.
සාම්ප්‍රදායික ක්‍රම නැවත අත්හදා බලමින් තිරසාර කෘෂිකර්මාන්තයක් ඇති කරන්න කටයුතු කළ යුතුයි.
ඒ වගේම මී, කිතුල් වැනි ශාක නැවත සිටවිය යුතුයි. ආහාර ආනයනය වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල්
මෙරට තුළ ඉතිරි කර ගැනීමට ආහාර නිෂ්පාදනය දේශීයව සිදු කළ යුතුයි.
ලංකාවේ විසිතුරු මල් වගා කිරිම තුළින් විදේශයට ඇදී යන මුදල් මෙරට තුළ ඉතිරි කළ හැකියි.
හෙළ බොජුන් සංකල්පය යටතේ වස විසෙන් තොර දේශීය ආහාර ලබාදීම ඉතා වැදගත්.
නමුත් වාණිජ අරමුණු වෙනුවෙන් මෙම හෙළ බොජුන් නාමය භාවිත කිරීමට ඉඩනොදිය යුතුයි.
අපිට ආවේණික පාරම්පරික ආහාර රටාව ස්ථාපිත කරමින් ආගමික ස්ථාන, පාසල්සහ රාජ්‍ය ආයතන තුළ තැඹිලි හල් පිහිටුවීමට අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම වස විස නැතිබව තහවුරු කරන වැඩසටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු
වෙලාකරන්න සැලසුම් කරනවා.” ඒ මහතා පැවසීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...